මේ මැයි දින සැමරුම මේ රටේ හැරවුම් ලක්ෂයක්.... - විපක්ෂ නායක සජිත්


අපි මේ මැයි රැළිය පවත්වන්නේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය වන වසරක. අපේ රටේ තීරණාත්මක ඒ වගේ ම අතිශය අවදානම් අවස්ථාවක දයාබර සෙනෙහෙබර ලක්ෂ 220ට රටේ අනාගතය තීන්දු කරන්න ලැබෙනවා. සමහරෙක් බොහෝ තැන්වල කියනවා පොරොන්දු දේශපාලනය පිළිගන්නේ නැහැ කියලා. මම ඒ අයට කියන්න කැමතියි එහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන් පොරොන්දු දීලා ඉටු නොකරපු කණ්ඩායම්වලට විතරයි කියන එක. 76 වසරක ඉතිහාසයක් ගැන ලොකුවට කතා කරන මේ අවස්ථාවේ සමගි ජන බලවේගයේ ඔබ සියලු දෙනාම ආඩම්බර වෙන්න ඕන අපි ලංකාවෙන් ම අංක 1 වීම ගැන. 76 වසරක් තුළ මේ රටේ කිසිම දේශපාලන නායකයෙක් පක්ෂයක් කණ්ඩායමක් තනතුරු නොමැතිව බලයක් නොමැතිව වැඩක් කරලා නැහැ. ඒ නිසා හිතාදර සමගි ජන බලවේගයේ දයාබර සහෝදරයා සහොදරිය අපි 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් අංක 1.


බලයක් නොමැතිව වැඩක් කරලා අංක 1. අපේ සාමාජික සාමාජිකාවන්ට කියන්නම් අපේ වාර්තා ගැන. සක්වල සුහුරු පන්ති කාරම පාසල් 169කට ලක්ෂ 1855ක් වියදම් කරා සුහුරැ අධ්‍යාපන ක්‍රියාත්මක කරන්න කැපවෙලා. සක්වල බස් රථ වැඩසටහන තුළින් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න ලක්ෂ 4242ක් නිදහස් අධ්‍යාපනයට පාසල් පද්ධතියට බස් රථ දුන්නා. මේ රටේ දයාබර පුරවැසි පරපුරේ සෞඛ්‍ය සම්පන්න භාවය තහවුරු කරන්න රෝහල් 57කට ලක්ෂ 1766ක් වටිනා රෝහල් උපකරණ ඖෂධ දුන්නා. අපි එතනිනුත් ලංකාවෙන් අංක 1.
ඒ නිසා අද මම ඔබ අතරට පැමිණියේ ඇත්ත වශයෙන්ම පොරොන්දු පත්‍රය ඉදිරිපත් කරන්න. ලක්ෂ 220ට මම කියන්නම අපිව විශ්වාස කරනවා නම් පිළිගන්නවා නම් අවංක යැයි සිතනවා නම් අපේ පොරොන්දු පත්‍රයට එකතු වෙන්න. අත්වැල් බද ගන්න. අවිශ්වාස කරන ඕනෑ ම කෙනෙකුට විකල්පයක් දෙස බලන්න පුළුෑවන්. විකල්යපක් දෙස බලනකොට 2019 ගත්ත තීන්දුවේ ඉරණම ගැන සිතන්න. ඒ කෙසේ වෙතත් මං සූදානම් මේ අවස්ථාවේ ඇත්ත වශයෙන් ම ක්‍රමයේ වෙනසක් ඇති කරන පොරොන්දු පත්‍රය සමාජ ගිවිසුම ඉදිරිපත් කරන්න.
සියලු ම ජාතීන්ට ආගම්වලට අයිති අපේ රටේ පොදු ජනතාවගේ යහපත උදෙසා නිදහස් නිවහල් ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න ක්‍රියාත්මක කරනවා.
රටේ ඒකීය භාවය සෛරීත්වය භෞමික අඛණ්ඩතාව දේශපාලන නිදහස සුරක්ෂා කරන පාලනයක් ඇති කරනවා.
රටේ ජනතාව ජීවත් කරවන රට නිවැරදි මගට යොමු කරවන ජනතාවාදී ජනහිතකාමී පොදු ජනවාදී සංශෝධනයට ලක් වූ අලුත් අයි එම් එෆ් ගිවිසුමක් නිර්මාණය කරනවා.
මේ රටේ ළදරැවන්ගේ දරුවන්ගේ මව්වරුන්ගේ කාන්තාවන්ගේ අයිතින් ආරක්ෂා කරන ජනාධිපති කාර්ය සාධන බලකායක් ජාතික කොමිසමක් ඇති කර ඒ හරහා දරුවන්ගේ මව්වරුන්ගේ කාන්තාවන්ගේ අයිතින් හා ශක්තීන් සුරක්ෂිත කරනවා.
කාන්තා මූලික පවුල්වලට විශේෂිත වූ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ලක්ෂ 17ක් වන ආබාධිත ප්‍රජාව වෙනුවෙන් හැම පක්ෂයක් හැමදාම පොරොන්දු වූ සමගි ජන බලවේගයට විතරක් අවස්ථාව නොලැබුණු මොහොතක මොවුන්ගේ අයිතීන් සුරක්ෂා කරන්න වගකීම් ක්‍රියාත්මක කරන්න කැපවෙනවා.
තරුණයන්ට මුල්තැන ලබා දෙන ජාතික තරුණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. තරුණයන් කේන්ද්‍ර කර ගත් තරුණ කොමිසමක් තරුණ ජනාධිපති කාර්ය සාධන බලකායක් හරහා ඉලක්ක හා කාලවකවානු සහිතව යොවුන් අභිලාෂ ඉටු කරන තරුණයන් සවිබල ගන්න යුගය ක්‍රියාත්මක කරනවා.
දූෂණය පිටුදකින නව ස්වාධීන ආයතන අණ පනත් තුළින් පිහිටුවීම නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා නොවැලැක්විය නොවෙනස්වන ලේසියෙන් වෙනස් කළ නොහැකි වගන්තියක් බවට පත් කරනවා. මූලික අයිතිවාසිකමක් මෙන් තනිවම සිට ගත හැකි ස්වාධින ශක්තියක් ඇති දූෂණ විරෝධ ආයතන ස්වාධීන ආයතන විනිවිදභාවය සහිත ආයතන ඇති කරනවා.
අහිමි වූ මහජන දේපල සම්පත් හොරා කන ලද දේපල සම්පත් නැවත වරක් රටට ලබා ගන්නා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර හොරකම දූෂණය වංචාව ක්‍රියාත්මක කළ අය තරාතිරම් භේදයකින් තොරව අල්ලා හොරු හොරා කන ලද මුදල් නැවතත් රටට ලබා ගන්නවා.
සමහරෙක් මගෙන් අහනවා ෂෝට් කට් එකෙන් අගමැති වෙන්න ජනාධිපති වෙන්න තිබුණා කියලා. ඒ අයට කියන්න ඇත්තේ ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයට පෙර 10 වතාවක් අගමැති වන ලෙසත් 26න් පසු 61 වතාවක් අගමැතිකම ගන්න කිව්වා. මම කිසිම දවසක මගේ අභිප්‍රායන් ඉටු කර ගන්න මමත්වය මුල් කර ගත් තීන්දු ගන්නැ. හැම දෙයක්ම රට වෙනුවෙන්. දිගුකාලීනව මධ්‍ය කාලනීව කෙටි කාලිනව හිතල තීන්දු තීරණ ගන්නැ. ප්‍රතිපත්තිගරුකව යි ගන්නේ. මම ඇතුළු පිරිස කෙහෙලිය රඹුක්වැල්ල රැකගන්න කටයුතු නොකළ එක ගැන සතුටු වෙනවා. ඖෂධ වංචාව සිදු කළ දේශපාලනඥයන් රැකගන්න අත ඉස්සුවේ නැහැ අපි.
පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් ගැන සත්‍ය හෙළදරුව් නොවන කාලයක එහි මහමොලකරුවන් රැකගන්න කටයුතු කළේ නැහැ. කලබල වෙන්න එපා. ඉවසන්න. නියත වශයෙන් අලුත්ම දේශපාලන බලවේගය 2020 ආරම්භ වූ සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය අතිවිශිෂ්ඨ ජනවරමිකින් බාර ගන්නවා. අවංක පිරිසුදු විනිවිදභාවයෙන් යුක්ත හොරකම නොමැති රජයක් තුළ මෙරට සංවර්ධනය වන නොනිදන රටක් බවට පත් කරනවා.
අපේ අරමුණ සුහුරු ගොවියා බිහි කිරීම. ගොවිතැනට නව තාක්ෂණය නව ක්‍රමවේද තුළ කායර්ක්ෂමතාව ප්‍රවර්ධනය කර ගොවිතැනේ ඵලදායිතාව වර්ධනය කරනවා. වාරි පද්ධති පුනරුත්ථාපනය කරන යුගය බිහි කරනවා. සුහුරු ගොවියා මෙන් ම ධීවරයා බිහිකරනවා. වැඩිහිටි ප්‍රජාවගේ ඉතිරි කිරීම්වලට ඉහළ පොලිය දෙනවා. කම්කරු අයිතිය සුරකිනවා. ආයෝජකයාට ආයෝජන හිතකර පරිසරයක් ඇති කරනවා. අධ්‍යාපනය නවීකරණය කරන්නට යාවත්කාලීන කරන්නට සුහුරු අධ්‍යාපනයේ මූලික පියවර විපක්ෂයේ සිටම කරනවා. මේ වසර අවසන් වෙන්න පෙර රජයේ පාසල් 10126ම සුහුරු පාසල් බවට පත් කරන ගමන ආරම්භ කරනවා.
සෞඛ්‍ය පද්ධතිය නවීකරණය කරනවා. රෝග නිවාරණ රෝග ප්‍රතිකාර ශක්තිමත් කරනවා. රෝහල් 1160ක් පවුල් සෞඛ්‍ය කොට්ටාස 6918ක් තිබෙනවා. මේ සෞඛ්‍ය පද්ධතිය මේ යටිතල යාන්ත්‍රණය හරහා ශක්තිමත් කරනවා. තිරසර පරිසර සංරක්ෂණයට අනිවාර්යෙන් යොමු වෙනවා. ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තියක් ඇති කරනවා.
අපි මැද මාවත සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරනවා. අන්තවාදී ලුම්පන් ධනවදයවත් අන්ත සමාජවාදී කොමියුනිස්ට් ක්‍රම පිළිගන්නැ. මානුෂීය ධනවාදය හරහා ධනය උත්පාදනය කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හරහා යුක්තිය සාධාරණත්වය ඇති කරනවා.
නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කර තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට අප රට පත් කරනවා. දිස්ත්‍රික් 25ම සිලිකන් නිම්නයට සමාන තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථ මධ්‍යස්ථාන ඇති කරනවා.
නව ව්‍යවසාය ලක්ෂ 10ක් බිහි කරනවා. සෑම රාජ්‍ය ආයතනයක් කර්යක්ෂම කරනවා. පාඩු ලබන ආයතන පවත්වාගෙන යාමට රාජ්‍ය පෞද්ගලික විකල්ප වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕන. ජාතික ආරක්ෂාවට බලපෑම් නොවන ආකාරයට ලාබ ලබන ආයතන ඇති කරනවා. අපේ රට වෙන්දේසි ලන්තයක් කරන්නේ නැහැ. දුටු දුටු තැන විකිනීම අලෙවිය ප්‍රසම්පාදන පැත්තකට දම ගජමිතුරු ධනවාදය කුප්‍රකට ලුම්පන් ධනවාදය උපයෝගී කර ගෙන ගජමිතුරන් රකින මේ කෙටි කාලයේ මුදල් හොරා කන යුගයක 3 වැනි විකල්පය මැද මාවත හරහා අපේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා.
පාස්කු ප්‍රහාරයේ සුලමුල සොයා බලනවා. අපි ඉදිරිපත් කර ඇති විනිවිදභාවයෙන් යුක්ත වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අප්‍රේල් මාසයේ මුල අගරදගුරු කාදිනල් හිමියන් ප්‍රමුඛ ඒ ආගමික නායකයන් හමුවෙලා අපේ වැඩසටහන් ඉදිරිපත් කරලා ඔවුන්ගේ අනුමැතිය අරගෙන අප්‍රේල් මාසයේ මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මේ පිටුපස සිටින සියලු දෙනා නීතිය හමුවට ගෙන එනවා පමණක් නොව මේ මිලේච්ඡ ත්‍රස්තප්‍රහාරයට වගකිවයුතු වසන් කළ සියලු දෙනා නිතිය හමුවට ගෙනවිත් උපරිම දඩුවම් දෙනවා.
රටේ මිනිමරු සංස්කෘතියට ප්‍රචණ්ඩත්වයට ඉඩක් නැහැ. යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිනවා. හැබැයි රටේ කුඩු සංස්කෘතියට අන්තවාදයට ජාතිවාදයට ඉඩක් නැහැ. කිසිම ත්‍රස්තවාදයකට මුලපුරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ බහුතරයක් වූ සිංහල ප්‍රජාව සිංහල ජනතාව සම්බන්ධ කර ගෙන ඒ අය බංකොලොත් රටේ තිබෙන බරපත දේශපාලන ප්‍රශ්න සිංහල නොවන ජනතාව මුහුණ දෙන ගැටලුවලට තිරසර විසදුමක් ලබා දෙනවා. 13 ක්‍රියාත්මක කරන්න කැපවෙනවා.
අපේ විකල්ප දේශපාලන පක්ෂයක එක්තරා පුද්ගලයෙක් අපිව සම්බන්ධ කර ගෙන අභූත චෝදනාවක් කරා. ඒ තමයි සමගි ජන බලවේගය මහජන මන්ත්‍රිවරුන් ආණ්ඩුවෙන් සංතෝසම් අරගෙන කියලා. මත්පැන් බලපත්‍ර අරගෙන කියා. ඒක වැරදියි. මත්පැන් බලපත්‍ර වෙන්දේසිය යන්නේ මේ රජයයි. මේ පසුගිය කාලයේ අනීතිකව වැරදි ආකාරයට දේශපාලන වාසි තකා මේ ක්‍රියාත්මක කළ මත්පැන බලපත්‍ර සියල්ලක්ම අහෝසි කරනවාම යි. කවුරුහරි විරුද්ධ වෙනවා පාර්ලිමේන්තු නීති යටතේ මේවා අහෝසි කරනවා
සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධියක තිස්ස අත්තනායක, ආචාර්ය හර්ෂ ද සිල්වා, නලීන් බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු තවත් කිහිප දෙනෙක් චැතැම් වීදියේ මැයි දින සමරුවේ දී කතා කළහ.


