ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන්නැ යි ද වොල්කර් ටර්ක් ආණ්ඩුවෙන් ඉල්ලයි
සමලිංගික විවාහය අපරාධයක් නොවන ලෙසට වූ පනත් කෙටුම්පත ඉක්මනින් සම්මත වනු ඇතැයි අපේක්ෂා කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ ය.
එමෙන් ම මේ මාධ්‍ය හමුවේදී ඔහු අවධාරණය කළේත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් තිස්සේ රඳවාගෙන සිටින සිරකරුවන් නිදහස් කළ යුතු බව ය.
වොල්කර් ටර්ක් මහතා සිය ශ්‍රී ලංකා සංචාරය අවසානයේ රජයෙන් ඉල්ලා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන ලෙසයි.
එමෙන්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත අවලංගු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නැවත ආරම්භ කිරීම ධනාත්මක පියවරක් බවත්, ආරක්ෂක හා පොලිස් ප්‍රතිසංස්කරණවල වැදගත්කමත් ටර්ක් මහතා මෙහිදී පෙන්වා දුන්නේය. සිය නිල සංචාරය අවසන් කරමින් පැවති මාධ්‍ය හමුවේ දී හේ සඳහනව් කළේ ය.
“සමලිංගික විවාහය අපරාධයක් නොවන බවට යෝජනා කරන පවතින පනත් කෙටුම්පත ඉතා ඉක්මනින් සම්මත වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා"
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත ඒ වගේම අවලංගු කළ යුතුයැ යි හෙතෙම පැවසුවේ ය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ණ කටයුතු යළි ආරාම්භ කිරිම ධනාත්මක පියවරක් බවද කිව යුතුයි.
තවද ආරක්ෂක සහ පොලිස් ප්‍රතිසංස්කරණ කටයුතු ඉතාම වැදගත් බව ටර්ක් මහතා වැඩි දුරටත් කියයි.