උණුසුම් පුවත්

සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන් ගේ ගාල්ල දිසා ශාඛාව පිහිටුවයි

ගාල්ල දිස්ත්‍රික්කයෙන් සහභාගි වූ මරණ පරීක්ෂක වරුන් සඳහා සහතික පත් ප්‍රදානය

සමස්ථ ලංකා හදිසි මරණ පරීක්ෂක සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාව පිහිටුවීමේ රැස්වීමක් ඉකුත් 27 දා ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ශාලාවේ දී පැවැත්විණි .
එම අවස්ථාව ට සමස්ථ ලංකා හදිසි මරණ පරීක්ෂක සංගමයේ භාණ්ඩාගාරික විපුල නරසිංහ මහතා ද සහභාගි විය .මෙහිදී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ දී මරණ පරීක්ෂක වරුන් සඳහා පැවති වැඩ මුළුවට ගාල්ල දිස්ත්‍රික්කයෙන් සහභාගි වූ මරණ පරීක්ෂක වරුන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීම ද නරසිංහ මහතා අතින් සිදු කෙරිණ .
එහිදී සමස්ථ ලංකා හදිසි මරණ පරීක්ෂක සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාව සඳහා ප්‍රථම වරට නව නිලධාරි මණ්ඩලය ක් ද තෝරා පත්කර ගන්නා ලදී.එදින තේරී පත්වූ නිලධාරි මණ්ඩලය මෙසේය .
පැවිදි අනුශාසක -පූජ්‍ය කණුමුල්දෙණියේ චන්ද විමල හිමි
ගිහි අනුශාසක - විශ්‍රාමික හදිසි මරණ පරීක්ෂක ආචාර්ය ඩබ්ලිව් .කේ.සමරපාල මහතා
සභාපති -වෛද්‍ය දයානන්ද රනුග්ගේ මහතා
ලේකම් - ජී.සරත් පද්මලාල් මහතා
භාණ්ඩාගාරික -වයි.නිරෝෂා නිල්මිණි.
උප සභාපති -එන්.කේ.කමල් ගාමීණී තිලක
උප ලේකම් -එන්.එච්.ජගත් ලාල් මහතා

  -  ලාල් ගොඩගේ  -