උණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංග

සම්මාන සහ අවමාන

රාජ්‍ය සම්මානනීය ගත්කරු ජී. ඇල්. ආරියපාල විසිනි

මේ  ලිවීමේදි   හැකි තරම් වචන ගැන පරිස්සම් විය යුතු බව මම  දනිමි  .ඒ  නිසා  උපමා උපමේය ගැන  වැඩියෙන් සිතමි

කියන්නට  යන  මේ  සිදුවීමට අදට හරියටම  දින නවයක් ගෙවෙයි.

නවයක් ගෙවෙන තුරුම  කල්මරා, අදත් තැපැල් මහතා  පැමිණ  යනතුරුම ඉවසිල්ලෙන් සිටියේ  ශිෂ්ට රටක    Ethics   නමින් සමාජයානුයොගී ගුණ ධර්ම  කොටසක් තිබෙන  බැවිනි.තමන් අතින් යම් ප්‍රමාද  දෝෂයක් වූ විට ඒ ගැන  ලිඛිතව  හෝ  වාච්කව කණගාටුව පළ කිරීම  ද ඒ  ගුණධර්ම වලට  අයිතිය.

මළලසේකරයෝ ඉහත  Ethics යන වදන තව දුරටත්    වැඩි දියුණු  කරමින් ඊට Ethos යැයි  කීහ. ජාතියක විශේෂ ගති ගුණයක් ලෙස එය නිර්වචනය  කළහ.මා සඳහන් කරන  සිදුවීමේ සංවිධායකයින්  නම්  එවැනි ගති  ගුණයක්  ගැන අසාවත් නැතිවීම ගැන කනගාටුවෙමි.

මේ  ලිවීම ද  දැලි පිහියෙන්  කිරි  කන්නා වැනි වැඩකි.

මේ ලිපියේ පහළ  ඡායාරූප දෙකක්  පළකර ඇත.එය හොඳින් නිරීක්ෂණය  කරන්න.

එහි පළවෙනි  ඡායාරූපයේ  මැද සිටින්නේ අලුතෙන් පිහිටුවාගත්  ජනතාවගේ  ආණ්ඩුවේ  සංස්කෘතිය භාර  ඇමතිවරයා ය.   දකුණු පසින්  ඩී.ඩී.ගුණසේන නම් විශිෂ්ට සංගීත  වේදියා ද  වෙයි.ඔහුට ගෞරවයක් ලෙස  ගෙල  පැළඳවූ  මල්  මාලයක් ද  වෙයි. 

ඡායාරූපයේ  පහළින් මෙසේ  සඳහන් කර තිබුණි.

"වාද්‍යාභිමානී  සම්මානයෙන්  පුද  ලද  ජ්‍ය්ෂ්‍ට  ප්‍රවීණ  සංගීතවේදී ඩී.ඩී ගුණසේන  කලාකරුවාට  ජාතියේ  උපහාරය."

එය  කෙතරම්  අපූරුද

එය කොතරම් සුන්දරද

මිනිසෙක් අගය කළ යුතු.. ,සම්මානයට  පාත්‍ර   කයුතු  අපූරු  හා  සුන්දර   ආකාරය  එ සේ ය.

එය  කෞට්ල්‍යානු  පිළිවෙතයි.

ඊ ළඟ  ඡායාරූපයෙහි   ඇත්තේ මිනිසෙකුට අවමාන  කරන්නේ  කෙසේද  යන්න  පිළිබිඹු  කරන මැකියාවෙලියානු  පිළිවෙතයි.

ඒ  ඡායාරූපය ම ඛෙදවාචකයකි.

එහි වම් පස සිටින්නේ මාය .මා   ඒ    සිටින්නේ  විළිලැජ්ජාව වසා ගැනීමට.වෙන ක්‍රමයක්  නැති නිසා සම්මාන  ප්‍රදානයට  පැමිණ මා ඉදිරිපිට දකුණු පස සිටින ප්‍රධාන   අමුත්තා ජනක සේනාරත්න ජනතා නියෝජිත  තුමාට සුරංගනා  කතාවක් කියමිනි. මැද සිටින්නේ  රත්නපුර  මහ දිසාපති කේ.ඩී.එස්.නිශාන්ත  මැතිතුමාය.මේ  දෙදෙනාම  පුනරුදයේ රත්නපුර ගොඩනැගිමේ  අසීරු  සටනේ  දැවැන්තයන් හා  කෞට්ල්‍යානුවන් බව මම දැන  සිටියෙමි.

මේ  ඛෙදවාචකය  ඉදිරියේ මා මෙන්ම මේ නියමුවෝ ද අසරණව සිටියහ.

ඒත් අපි සිනහ සුනෙමු.

ඒ  අපට ම ය.

මීට  දෙසතියකට පෙරද  දිසාපති තුමා මට හමුවිය.   ඒ මගේ  අලුත්ම කෘතිය   "කළුගං  මිටියාවතේ පුරාවෘත්තය " පිටපතක් එතුමාට තෑගි කිරීමට  ගිය  මොහොතේය.මෙය ළමුන්ගේ  දැණුම සඳහා  වඩා  ප්‍රයෝජනවත් බව කී විට, එතුමෝ මෙවර  සාහිත්‍ය තරග  වලට සහභාගි  වූ හැම දරුවෙකුටම   එම පොතේ පිටපතක්  තෑගි  කරන්නට  සූදානම්  කරන්නට දැනුම් දෙන  බව     කීහ.

එතුමෝ තවත්  රහසක්  හෙළි  කළහ. 

එනම් රත්නපුර දිස්ත්‍රික් රාජ්‍ය සාහිත්‍ය උළෙලේ දී  රත්නපුරයේ  ජීවත්වන  විශිෂ්ට  ලේඛකයා. ලෙස ට ඔබතුමාට යාවජීව  සම්මානයක්  පිරි නැමිමට  කටයුතු  කරන  ලෙස සංවිධායක මණ්ඩලයට එතුමා  දැනුම් දී  ඇති  බවයි.

මේ  ඛෙදවාචකය සිදුවන්නේ දිසාපති තුමා  සඳහන් කළ  ඒ  ලොකේෂන්  එකේය.තවත්  විදිහකින්  කිව්වොත් වර්තමානයේ  පුනරුදයේ  ජනතා රජය  පිහිටුවීමෙන් පසු, නමෝ විත්ති යෙන්  සැලසුම් කළ  රත්නපුර දිස්ත්‍රික්කයේ  රාජ්‍ය සාහිත්‍ය  උළෙල දෙකෙන්  පළමු වැන්න  වූ  දිස්ත්‍රික් ලේකම්  කාර්‍යාල  සාහිත්‍ය  උළෙලේය.

වෙන  අවුරුදු වල පරිදිම මෙම සාහිත්‍ය  උළෙලට සහභාගි වන ලෙස ආරාධනා පතක් සංවිධායකයින් විසින් ම්වර ද  මා  වෙත  එවා තිබුණා මිසක්, ඔය සම්මාන කතාවක් ඒ  ආරාධනා පතේ හෝ   වෙනම  ලියුම්  කරදහියක  සඳහන් වී   තිබුණේ  නැත. ආරාධනා පතක්  කියන්නේ  අදාල උත්සවයක සිදුවන  ප්‍රධාන  කාරනා  සදහන්  න්‍යාය  පත්තරයටය..  ඉතින්  සම්මාන  කතාවක්  එහි ඳ්හන්  නොවූයෙන්  ,සමහර විට එය අවලංගු වන්නට ඇතැයි මම සිතුවෙමි.  ඒ  නිසා  සම්මාන  ගන්නට  යෑමට  ඇඳ ගැනීම  සඳහා   මාකුර්තාවක්  මැසුවේ ද නැත.

සංවිධායකයන් මදි වී පහළ  ප්‍රා.ලේ   කාර්‍යාලයෙන්ද ආනයනය කර මග ඉහලින් පවත්වන එකක්  බැවින් අර වගේ  විශේෂ  කරුණක් මග හැරෙන්නට හේතුවක්  ද නැත.

කෙසේ  වතුදු  උපන්ගමේ  පවත්වන   සාහිත්‍ය  උළෙලක් මග හැරීම මගේ අතින් සිදු  නොවිය යුතු දෙයක් බව  අදහස් කළ  මම   බැරි  මරගාතේ   වූවත් එහි ගියෙමි.  එහෙත් උත්සවය  පටන්ගන්නා  වෙලාවට  වඩා මගේ  සම්ප්‍රාප්තිය විනාඩි පහක්  ප්‍රමාද වී  සිදුවී තිබුණි.

මා එහි පිවිසෙන විට ශාලාවේ  ආලෝකය

නිවාදමා  තිබූ අතර, අත පත ගගා ඉදිරියට එද්දී , එක් පින්බර යුවතියක සිය අසුනින් නැගිට මා අතින්  අල්ලාගෙන  ඒ  අඳුරු  ශාලාවේ ඉදිරි පස දෙවන පෙළ දක්වා    කැඳවා ගෙන විත් හිස් පුටුවක වාඩි කරවනු  ලැබුවාය.

යාව ජීව  සම්මාන ලාභියාගේ සම්ප්‍රාප්තිය එසේ  සිදුවී  විනාඩි 5 කට පසු පිටුපස සිටි යම් තැනැත්තෙක්,. මගේ  පිටට  තට්ටු  කර  ඔබේ  නම අඬගසනවා  ඇසුණේ  නැද්දැයි මගෙන් ඇසුවේය.

නැතැයි  මම කීමි. 

මම බොහෝ සම්මාන උළෙලවල්  නැරඹීම සඳහා  සහභාගි  වී  ඇත්තෙමි. සම්මාන  ලබාගෙනද  ඇත්තෙමි. එම අවස්ථාවලදී  බෙර දවුල්  තම්මැර්‍ට්ටන්  හඬවා  ජය  සංක  පිඹ  සම්මාන  ලාභියා  උත්කර්ෂයට නංවන  අයුරුද  දැක  ඇත්තෙමි. බොහෝ  වේලාවක්  බරම බර වචන වලින්  හේතුපාඨ  කියති.  ඒ  අතරේ සමහරු අසුන් වලින් නැගිට ප්‍රීතිය  පල  කරති..සමහරු  අත්පුඩි තලති.සමහරු විසිල් ගසති .

මෙතනදී  හේතුපාට  කෙසේ වෙතත්  මගේ  නමවත්  කියනවා මට  ඇසුණේ  නැත.පිටු පස මිතුරා  මට  විහිළුවක් කළා විය යුතුයැයි සිතූ මම නිශ්ශබ්ද  වීමි .

ඒ  මොහොතේ ශාලාව තුළ  දැඩි නිහඬතාවක් විය.

තවත්  විනාඩියකට පසු වේදිකාවෙන් බැස පැමිණි සංවිධායක මහතෙක්   ආරියපාල සර් වේදිකාවට  ගිහින්  අර සම්මානය ගන්නැයි මට කීවේය.  

"මේ මොන විකාරයක්ද  .ඇයි නම වත්  ඇහෙන්න  කියන්න  බැරි  ද?"

මම  ඔහුගෙන් ඉතා සෙම්න්  ඇසුවෙමි .

"මයික්  එකේ  බැට්‍රි බැහැලා"

ඔහුද ඉතා සෙමින්  කීය.

සිදු වී ඇති සියල්ල වාර්ථා කිරීම නිශ්පලය.හරි නම් තිබුණේ මේ විකාරවලට  සහභාගි නොවී  ආපසු එන්නටය. එහෙත් වේදිකාවේ  මා වෙනුවෙන් බලා සිටින  අමුත්තන්ගේ ගෞරවය  සැලකූ මට,  කැපීපෙනෙන  හාදයෙක් වෙන්නට උවමනාවක්  තිබුණේ නැත .වේදිකාවට  නගින්නට  හිත  හදාගත්තේ ඒ  නිසාය..පසුව  හෝ  මේ සම්මානය ගැන යමක් කියවේවි යන  අදහසින් අප තිදෙනාම ස්වල්ප  මොහොතක් එතැන රැදී  නොකෙරෙන  දේවල්කතා කරමින් සිටියෙමු. ඒ  අතර ජානකයෝ  අර  ලී  කැබැල්ල  මා අත  තැබූහ.දිසාපතිතුමෝ  ලැජ්ජාවෙන් මුත්  අත්පුඩි  තැලූහ.

තවත්   සිදුවෙන්නට  අවමානයක්  නැති තැන,  තව කෙනෙකුගේ  පිහිටෙන්  වේදිකාවෙන් බැස්සෙමි.  සම්මාන කොට කැබැල්ල  පුටුවක් මත තබා  එන්නට  පහළ වූ සිත මට  මැඩගන්නට සිදු වූයේ හිටපු සහකාර දිස්ත්‍රික් ලේකම් කොළඹගම මහතාගේ  කාරුණික අවවාදය නිසාය.තවත්  විනාඩියක් ගෙවා මම එතැනින්  ඉවත්  වීමි.

මෙවැනි සිදුවීමක දී  විය යුත්තේ ලැජ්ජාවෙන්  මූණ  සඟවා ගැනීම මිස  ප්‍රසිද්ධ  කිරීම  නොවේ.අවාසනාවකට මම  ලේඛකයෙකුට අමතරව  දීර්ඝ  කාලීන  පුවත්පත්  කලාවේදියෙක්මි.

මට ඒ කොට කෑල්ල  දුන්නේ  මොන  හේතුවකට  දැයි මම දන්නේත්  නැත.  එතැන සිටි  පොත්  නොකියවන කිසිවෙකු දන්නේත්  නැත. සමීක්ෂණයකට අනුව   රත්නපුර .පළාතේ  වැඩිහිටියන්ගේ  කියැවීමේ .ප්‍රතිශතය  2 % කි.

සියල්ලෝ ඒ  ගැන ද ආඩම්බර විය  යුතුය.

පසුව. ආරංචි  වූ  අන්දමට  ළමයින්ගේ  අතට අර කිවූ පොත නොව වෙන පොතක් වත්  පත් වී නැත. මගේ  පොත පත් වූවේ  නම්  මට  හොරෙන්  එය  කරන්නට   බැරිය.

ඉතිහාසයේ  ප්‍රථමවරට ඒ  දරුවන්ට කොපි පොත් දෙකක් විතරක් තමන්  ලියූ  දේට මේ  දැවැන්ත උත්සවයේදී  තෑගි වශයෙන් ලැබී තිබේ.  මම ද ඔවුන්  ලියූ  බෝහෝ දේ..විනිශ්චය කළ වුන්ගෙන් කෙනෙක්මි.හැම අවුරුද්දකම  මේ  වගකීම පවෙත  පැවරෙයි. ඔවුන්ට කොපි පොත් දෙකක් වූවත් එතැන    තෑගි  එතූ  කාගේ  හෝ නෑදෑ.. දරුවෙක්  සිටියා නම්  සමහර    ව්ට    ඔහුට තුනක් ලැබෙන්නට  ඇත.ඒක හරියටම  දන්නේ  තෑගි එතූ සංවිධායකයන්‍  ය.

සිදුවීම්   සිදුවන්නේ    හඬා  දොඩා කම්පා වන්නට    නොව එයින් යමක්  ඉගෙන   ගන්නටය.එයින් සමාජය  දැනුවත්  කරන්නට ය.

මේ  සිදුවීම්  ජාලයෙහි ඇති දේපාලනය  කියවා  ගැනීමට   නොහැකි නම්  මේ  අවමාන තවදුරටත් ිදිරියේදීදවිඳීමට  අපි  සුදුස්සන් වෙමු.

මා එබඳු  දේශපාලන කියැවීමකට සුදුසුකම් සපුරා ඇත්දැයි  සිතන   කවුරුන් හෝ  ඇත්නම්, ඔවුන්ට  මා  කියන්නේ  ඔව් එය මම යහමින් සපුරා  ඇති  බවයි,

හැදෑරුවා පමණක් නොව  රාජ්‍ය හා බලබෙදීමේ සිද්ධාන්තය හා   මැකියාවෙලී  දර්ශනය නමින්  දේශපාලන විද්‍යා කෘතීන් දෙකක් ද පළකර ඇති බවයි .ලක්දිව  ජාතික  පුවත්පතේ  දේශපාලන  ලියුම් කරු ලෙස එම පුවත් පත  වසා දමන 

තුරුම කටයුතු කර  ඇති    බවයි.  එම  පුවත් පතට, ප්‍රේමදාස ජනපති  ජීවත්වන  සමයේ ම  ඔහුගේ  ජීවන  චරිතය පසුබ්ම්  කරගෙන  " බෙලිතවාන"  නමින් නවකතාවක්  ලියූ බවයි.  බෙලි  යනු  පළතුරු බෙලි නොවේ.ඔහු තවාන් දැමූ  කොල්ලන්ගේ බෙලිය.

ලෝරන්ස්ගේ කුලී හමුදාවේ  තර්ජනයට හසුව එම පුවත් පත අයිතිකාර  සමාගම වුසින්  වසා දමන තුරුම  මගේ  අදීනත්වය කිසිවෙකුට පැහැර ගත නොහැකි වූ  බවයි.ඉන්  පසුද "සටන"  නමින් පුවත් පතක් අරඹා බෙලිතවානේ  ඉතිරි කොටස ද  ලියූ බවයි.

ඉතින්  මම    ලියමි.ලිවීම  මගේ  රැකියාවය. සිතීම  මගේ  රසඥතවය ය.

මගේ  දේශපාලන  නිරීක්ෂණයට   අනුව දේශපාලන දර්ශන කුලක දෙකක් මත වර්තමානයේ මේ රටේ රිද්මය ස්පන්ධනය වනු පෙනේ.

දඬුවමත්,  එය  ක්‍රියාවේ නොයොදවන  රජුත්  නැති  කළ රාජ්‍යක් කොයින්දැයි   කෞටිල්‍ය  අර්ථ  ශාස්ත්‍රය ලියම්න්  අපෙන් ප්‍රශ්න කර සිටියේය.   අපි ඔහුට පිළිතුරු  බැන්දෙමු.  දැන්    ප්‍රථම  වතාවට  2024  සැප්තැම්බර් 21 එවැනි රජෙක් වැනි ම්නිසෙක්  ශ්‍රී ලංකාවට  ලබා දීමට අපි සමත්වීමු.  මේ  වනවිට  යහපත්  ශ්‍රී  ලංකාවක්  උදෙසා තරාතීරම   නොබලා ,  හේ  වැරදිකරුවන්ට දඬුවම ක්‍රියාවට නංවමින්  සිටී.රාජ්‍යක් කොහිදැයි  දැන්  කෞටිල්‍යයට  අපෙන්  ප්‍රශ්න  කළ  නොහැකිය. ඒ  රාජ්‍යයේ දැන්  කෞටිල්‍යානුවන් මහත් අභිමානයෙන්  වෙසෙති.

රටේ  අනිත් ප්‍රදේශ පිළිබඳව මගේ නිරීක්ෂණය තවමත් අවසන් නැත.ඒ  අභිමානය තවමත්ල් දැනී නැත්තේ   මේ රටේ මැණික් බහුලව ලැබෙන  ප්‍රදේශයට පමණක් බව පෙනී යයි.

මෙහි තවමත් ක්‍රියාත්මක  වන්නේ  මීට වසර 600කට  පෙර ඉතාලියේ පහළ වූ  දේශපාලන ත්‍රස්ථවාදියෙකු වූ නිකලෝ  මැකියාවේලීගේ දර්ශනය  බව මගේ  නිගමනයයි.

මා  ඔහුට  ත්‍රස්ථවාදියෙකු යැයි කියන්නේ  බලය දිනා ගැනීමට ඔහු  යෝජනා කළ  දේ  අනුව මවිත කරන තරමට තිරශ්චීන  නිසාය. ඔහු  දේශපාලනයේ න්‍යායික තලයට වඩා ප්‍රායෝගික උපාය මාර්ගවලට වැඩි නැඹුරුවක් දැක් වූ  නීති  වේදියෙක්.

ඔහු ලීවේ  බලය දිනා ගැනීමට පුද්ගලයෙකුට  වංක විය හැකි  ආකාරය  ගැනය. සමාජ බලය සුසයෝග   වූ රාජ්‍ය ආයතන, දේශපාලන  සභා  වැනි තැන්වල  පුද්ගලයින්ට අල්ලස් ගැනීමට, සොරකම් කිරීමට,අත යට ගණු දෙනු කර ගැනීමට,ස්ත්‍රීඅවකල් ක්‍රියාවන්වල යෙදීමට ඉඩ දී  නොදැක්කා සේ සිටීමෙන්  ඔවුන් තෘප්තිමත් කල පසු ආයතනයක්   බ්ඳ වැට්ටවීමට ඔවුන් යොදා ගැනීමට  ගැකි බවට ඔහු කුමාරයාට  උපදෙස්  දුන්නේය.

වසර ගණනාවක්   මැකියාවෙලී   සමග  කටයුතු කර ඇති මේ රටේ විපක්ෂ  නායකයෝ    2024 සැප්තැම්බර්  21  අන්ත  පරාජයෙන් පස්ස බ්ඳ ගත් පසුත් කෞටිල්‍යානුවන්ට වඩා ඉස්සර වූ බව සහතිකය.  

කෞටිල්‍යානුවන්   ,ඔවුන්  දිනා ගත් රාජ්‍යයේ  සමාජ මෙහෙවරට අවශ්‍ය නියමුවන් තෝරා ආයතන  ගත  කරන විට පෙරහැර හොස්  ය.  ඔවුන් එන විට  මෙහි සිටියේ, 2024 සැප්තැම්බර් 21 දින   කෞටිල්‍යානුවන්      බවට උට්ඨානය වූ ,  වෙට්ට පිත්තල  මැකියාවේලියානුවන් සමූහයකුයි.

කෞටිල්‍යානු නියමුවන්‍ට සිදුවූයේ ඔවුන්ගේ    ප්‍රාණ  ඇපකරුවන් වීමටය.

කෞටිල්‍යානුවන් බවට පත් මැකියවේලියානුවෝ,  ලී කොටය විඳගෙන ඇතුලට  රිංගූ  කිරිවේයන්  සේ, රජය  අපකීර්තියට  පත් කළ  හැකි හැම දෙයම කරමින් එම ආයතනවල යෙහෙන් වැජබෙම්න් සිටිති.අදටත්  එහෙමය.

අදටත් රාජ්‍ය  ආයතනයකින්  සාධාරණයක් ඉටු  කරගන්නට කෞටිල්‍යානුවෙකුට  නොහොත් මාලිමාවෙකුට බැරිය.ඉටු කර දෙන්නට ප්‍රාණ ඇපකරුවන් වූ මාලිමා නිමුවෙකුද බැරිය.උඩ බලාගෙන කෙල ගැසිය යුතු නැති බැවින් සියල්ල සවිස්තරව ලිවීමටද බැරිය.

මෙබඳු දේශපාලන මතයක්  බිහි කිරීමට  මා  පෙළඹවූයේ  මේ  කෙහෙල් මල්  සම්මානයය.එයින් ආයතනයේ  හා පුද්ගලයන් . ගෞරවය කෙළෙසීම එහි වැජඹෙන  ලිපිගොනු සමග  කටයුතු කරන මැකියාවේලුයානුවන්   විසින්    කර අවසන්‍ ය.

සර්.ළමයි   ඔක්කොටම පොත් තෑගි  නොදුන්නත්, අපේ .ආර්ථිකේ හැටියට,   පළවෙනි   තැන ගත්තු  ළමයි  20 කට විතර දෙන්නවත්  අර  ලේඛකයාගේ පොත් 20ක් විතර ගම්මු  යැයි  කියන්න  තරම්  එක  කෞටිල්‍යානුවෙක් එතන නොසිටීමෙන්  මේ  හෝදා  පාළුව කොතරම් දරුණු දැයි කෙනෙකුට  තේරුම්  ගත  හැකිය.

මට සම්මාන ඒ තරම්  අලුත් දෙයක් නොවේ.

උපන් ගමෙන්  මේ අවමානය ලබන්නට පෙර, වසර 55 ක් සපිරෙන මගේ  සාහි

ත්‍ය ජීවිතයට පළමුවෙන් සම්මානයක් පිරිනැමුයේ  1976  දී  පණ්ඩිත විලියම් ගොපල්ලව  විධායක නොවන ජනාධිපති තුමාය.ඒ ස්වයංවරය නවකතාව වෙනුවෙනි. එම කෘතිය ම  පාදක කරගෙන 2024 ජූලි 4 වනදා අපගේ  හිටපු  දිසාපති සුනිල් කන්නන්ගර මැතිතුමා   "  විස්මිත ලේඛකයා"" යන සම්මාන කුසලානයේ මා  බහාලූවේය.එසේ කියන්නට හේතුව මෙහි පහළ  පළමු කොමෙන්ටුවේ  බහාලමි.

මේ  දීර්ඝ ඉතිහාසයේ  විවිධ සංස්කෘතික  සංවිධාන හරහා මා ලැබූ සම්මාන ගෞරවනාම 35ක් පමණ වෙයි.ඒවා ලියනවා නම් නමේ අගට ෆූල්ස්කැප් පිටු භාගයක් පමණ අවශ්‍ය වෙයි.  ඒ  අතර  ප්‍රසිද්ධියේ කියන්නට ලැජ්ජා හිතෙන  කලාභූෂන යන නමක්ද  වේ .මම මගේ නමේ අගට  හෝ  මුලට   මේවා    කිසිදිනෙක  බාවිත  නොකළෙමි. 

අන්තර්  ජාලයේ  මං කියන දේ විශ්වාස කර   පිටරට  හා  මෙරට     ෆලෝවර්ස්ලා 10000 ක් පමණ වේ.ඒ  අතරේ ලංකාවේ රසිකයෙක් වූ  Tharanga S Heewagee   මා වෙත පිදූ සම්මානයක් ද  වේ. ඒ  "ප්‍රේම අසපුවේ  ශාන්තුවරයා" යන නම්බු නාමයයි. මම  ප්‍රේමණීය ම්නිසුන් බිහිකිරීම සඳහා වසර  පනස්පහක්  තිස්සේ අමුතු ආරකට  ලියන  ලේඛකයෙක්ම්.මා ඉඳහිට හෝ  භාවිත කරන්නේ  ඒ  නම හා  රණවීර ඌරපොලයන් මා වෙත පිදූ " සිංහල සාහිත්‍යයේ සිහින දකින්නා" යන නම්බුනාමය යි.

2% ක පොත් කියැවීමේ  සම්භාවිතාවක් ඇති රත්නපුරේ  ජනයා ඇගේ හැපුනත් මා නොහඳුනන නමුත්, සියලු   විශ්ව විද්‍යාලවල සිසු  බහුතරයක් ද,, කොළඹ  නුවර, ගාල් ල මාතර ඇතුළු බොහෝ පළාත්වල රසික ජනයා මා හොඳින් හඳුනති.මා සමග  පයුරු  පාසානම්  පවත්වති

මට ඒ ගෞරවය ප්‍රමාණවත්‍ ය.

සංස්කෘතික ඇමති තුමා මා හොඳින්  දන්නා  හඳුනන නමුත් එතුමාට  ආරාධනා  පත්‍රවල  ලිපිනය ලියන්නටතරම් විවේකයක්  නැති බව  මම  හොඳින් දනිමි.  ඒ  හෙයින්   පසු ගිය අවුරුදු 54 රේම ළඟම යාළුවන්ට හා  නෑදෑයන්ට මිස සාහිත්‍ය කරුවන්ට  නොලැබූ  රාජ්‍ය සාහිත්‍ය උළෙලේ  ආරාධනා  පත .පුනරුදයේ ද ලැබුණේ  නැත.

ඒ  .ඒ දෙපාර්තමේන්තුවේ  මැකියාවේලියානුවෝ අපේ  ලිපිනය    නොදන්නා  නිසා  හා  පැවතුණ  තත්වයේ  කිසිවක්  තව වෙනස් වන්නට හිතලාවත්  නැති  නිසාය.

ඒ හෙයින්  රත්නපුරයද ඇතුළුව  ලංකාවෙව්  සියලු විධායක  කෞටිල්‍යානුවන්ගෙන් නොහොත් මාලිමා  නියමුවන් ගෙන්  යමක් තරයේ ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

රටේ නායකයාට මෙන්ම ,අපවැනි  රටේ ජනතාවටද පවතින තත්වයේ වෙනසක් අවශ්‍යය.නියමුවන් ලෙස ඔබ පත්කලේ එය නියාමනය කරන්නටය.  ඒ සඳහා දී තිබූ සමාවදීමේ කාලය ඉකුත් වී මාසයකි.අපි  මාස  13 ක්  ඉවසුවෙමු.දැන්වත් තීරණ ගන්න.ඔබ ආවේ වෙනස්කරන්නට නම් ඒක කරන්න.මැකියාවේලියානුවන්  ළඟ  ඔලුව කහ කහ  ඔවුන්  ළඟ  පදිරි  වෙවීඉන්න  එපා .විපක්ෂය නොහොත්  මැකියවේලියානුන්  ඔලුව උස්සන හැටි බලා  සිටීම බබා හුකුම් වැඩකි.හැම  ආයතනයක්ම පිර්හිලාය.ජනතාව  ඉච්චා භංගත්වයෙනි.ඔබ තවමත් ක්‍රියාශීලී නැත්නම්  නාමල් පිපෙන තුරු  බලා  සිටින,  මැකියාවේලියානුන්ගේ  සහ  ඔබගේ  වෙනසක්  නැත.

අපේ  කථිකාචාර්‍ය  සමන් පෙරමුණ සර්.  බණ  කියන්නාවගේ  කියන්නේ .අපිට වෙන විකල්පයක් නෑ.මේක තමයි අවසන් අවස්ථාව. මේ ජරා වැඩියන් දිහා බලාගෙන මැරෙන්න අපිට අවසර නෑ.අපේ  දරුවන්ට අනාගතයක් ඕනෑ. අපි  කට්ට කෑවේ  ඒකට

ඔව් මාත් කියන්නෙ   ඒකමයි.අපේ   දරුවන්ට    කොපි පොත වෙනුවට රස විඳින්න පොතක් අතට දෙන්න  ඕනෑ.මැකියාවේලියානුන් ඒකට   ඉඩ දෙන්නේ නැත්නම් ඔවුන් පන්නා දමන්න.