පතා ආවෙමි දුරක්
සොයා ආවෙමි මගක්
දුරු කතර ගෙවාගෙන
නිති පැතුම් පුරවා
ඔබගේ නමින්
පතා ආවෙමි දුරක්
නොනිමි හැගුමන් පුරවා
දැන දැනම ගෙවෙනා
සසරේ නමින්
ගෙනා ආවෙමි සුසුම්
උණුසුමක් දරාගෙන
සුළගට පා කළ හැරී
මගේ නමින්
තබා ආවෙමි සිතුම්
උතුම් හදවතක් රිදවා
සිතින් පමණක් ම විදී
ආලයේ නමින්....
----------------------------
අකුරු බොඳවුණ පෙම් කතාවක
වචන ගලපා බලන්න
ලිව්ව අපි හැර තවත් කෙනෙකුට
හැකිද නිසි ලෙස දකින්න
බිඳී විසිරුණ පැතුම් අහුරක
වේදනාවක් ඇරෙන්න
ඉතිරි කිසිවක් තියෙනවද තව
හදවතක් තුළ දකින්න
මලානික වු රෝස කුසුමක
තිබුණු ලස්සන බලන්න
පුළුවන් ද යළි ඉතින් කිසිවිට
පෙර ලෙසින් එය දකින්න....
- මධුෂිකා -
අප හැමට ආසිරි පැතුමක් චමින්ද වෙලගෙරයාණන් ගෙන්
බෝ පත් නංවන සිළි සිළිය
හදවත පුරා නැඟුණු
ඉමක් නැති බවගාමී සිත්ය.
සෙමින් එය නැවතී මහීකත
දෙසට හැරී බිම බලා සිටින්නේ ,
ඔබ මෙතෙක් ඇසූ දුටු දේවල්
පසුගිය දෙදොහේ යළි යළිත්
මෙනෙහි කරමින් ජීවිතය දෙස
උපේක්ෂාවෙන් බලන්නට
මඳක් හෝ සිත් යොමු කළ නුඹ මෙනි.
එසේනම් ඔබ ඔබේ සතිය
සාදා ගත්තා වැන්න.
ඔබ ඇත්ත ඇති සැටියෙන්
දකින්නට ඔබේ හුරු වූ ඒ සිත
සම්මා සතිය බවට පත් කර
ගැනීමෙන් ඔබ ද මාද ඒ
මග තවත් පෙරට ගෙන ගියොත්.......
ඔව් අපිට එය නොහැකි නොවේ.
අපිට ඒ පිළිබඳව කියා දෙන,
දුන් මං බොහෝ ය.
අපි එය එසේ සිතා රැක
ගතහොත් ලබන වෙසඟ
අපි සොයා එද්දී අපි සම්මා වායාම ,
සම්මා ආජීව හා
සම්මා කම්මන්ත
කරා හෝ ළඟා වී නොසිටී ද?
ඒ සියල්ලම අපිට ම්ස
වෙන අයෙකුට නොවේ.
නිතරම අපි ගැනම හිතන
අපි අපි වෙනුවෙන් එය කරමු.
එය අපිට කිසිවකුට දීමටත් ,
අපිට ගැනීමටත් නොහැකි ය.
එසේ නම් ඔබ,ඔබ වෙනුවෙන්
එය කරද්දී මම ද මම වෙනුවෙන්
එය කරමි.
එහෙත් අමතක නොකරමු මම
හා ඔබ කියා යමෙකු ඇත
හා නැත කියා අපි දන්නා බව.
එසේනම් එය දැක ගැනීමට
අපි සතියේ පිහිටමු.
එම සතිය සම්මා සතිය බවට
පත් කරගමු මගේ
පුණ්‍යයධර සකිය.
ඔබට පින්බර දොහක් !!!
- චමින්ද වෙලගෙදර -
මිරිඟුවක් දැක ඈත
හිරු කුමරුන් හිමින්
හිමින් ඔමරි කරනවා...
වලා රොදක් හද
ලෙලවා රටා මවනවා...
සොබාසිරිය ගං ඉවුරට
හාදු පුදනවා...
පුණ්‍ය භූමියක ඉපදී
සුසුම් හෙළනවා....
සීතිජ මායිමේ
සොඳුරු කෙම්බිමක් සෙව්වා
මිරිඟුවක් දැක
දැවටි දැවටී
පසුපස ම දිව්වා
අහස ගුගුරා
අනෝරා වැසි
සැඩ සුළඟෙ හැමුවා
ඇයට පිටුපා
ලොවේ සැමට ම
සෙනෙහෙ දිය බෙදුවා.
- ඇන්ජලා පැල්පොළ -