උණුසුම් පුවත්

ස්ටේජ්වල කයිවාරු ගහන කට්ටියට වඩා රට වෙනුවෙන් වැඩ කොටසක් කළා – විපක්ෂ නායක

සල්ලි ‌හොයන ක්‍රමය තමා හොදින් දන්නවා

 

ජනතාවගේ ගැටලු විසදන්න මුදල් හොයන ක්‍රමය තමා හොදින් දන්නේ යැයි සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඉල්ලුමට සරිලන සැපයුම ලබා දෙන්න හැකියාවක් තමාට පවතින්නේ යැ යි ද මේ කිසිවක් කළේ බලයක් නොමැතිව යැයි ද  හේ පැවසීය.

පසුගිය වසර 3 ක කාලය තුළ සක්වල, හුස්ම වැඩසටහන් සිදු කළේ කිසිදු කොමිස් ලබා ගැනීමකින් තොරව නමුත් මොළ හතානෝලා එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කළේ නම් කොමිස් කුට්ටි පිටින් ලබා ගන්නා බව ද එසේ කොමිස් ලබා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස රට බංකොලොත් වූ බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.

රට බංකොලොත් කළ හොරු පවා විපක්ෂයේ සිට ඇල්ලුවේ සමගි ජන බලවේගය බවත් එම නිසා බිය නොවී ගමට ගිහින් ජනතාවට මේ යථාර්ථය පැහැදිලි කර දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීයේ ය.

විපක්ෂ නායකවරයා මෙසේ කියේ ඊයේ මාතර කඹුරුපිටියේ පැවැති ජන හමුවක දී ය.

විකල්පයැයි කියා ගන්නා කණ්ඩායම් කිසිවක් සිදු කර නොමැති බවත් ඔවුන් සිදු කර ඇත්තේ ලක්ෂ ගණන් සල්ලි වියදම් කරමින් බස්වලින් මිනිස්සු ගෙනැවිත් රැස්වීම් පැවැත්වීම බවත් හේ අවධාරණය කළේ ය.

ජනතාව යොමුවිය යුත්තේ ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබා දෙන තැනට මිස බොරු කයිවාරුවලට හසු වුවහොත් සිදුවන්නේ නැවතත් කරදරයේ වැටීම බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසී ය.