උණුසුම් පුවත්කව් මිණි වැල්

ස්වකීය නිර්මාණ උදෙසා කවි කිවිඳියනට අවස්ථාව හෙළදිව වෙතින්

නූතන සන්නාලියන් ගේ කතා වස්තුව

අපේ කාලේ වියන්නියෝ 

ලැබෙන පුංචි විවේකයෙන්

කෑම කාල අස්පස් කර

විහිළුවකට හිනා වෙලා

හිතේ තියෙන දුක දිය කර

මැසිමට දවසම කැප වී

අයිතිකරුගෙ ටාගට් එක

සපුරන්නට හෙම්බත් වෙන

අතට ලැබෙන සොච්චම ගෙන

මාසෙ අගදි ගෙදර දුවන

ගිය ගමනත් නොගිය ලෙසට

පහුවදාම ආපහු එන

අතමාරුවකින් හෙමිහිට අඩුපාඩු මකන

උදේ හවස හිරු නොදකින

එහෙම වුණත්

රාස්සිගෙ අව් රැල්ලෙන්

වී වේලන ළමිස්සියෝ

හිත පාරන දුක සඟවා

හිස පීරන රුවැත්තියෝ   

  -  කමලා ගියනගේ  - 

තාත්තලා

පපුව පුරා දරු සෙනෙහස වාන් දදා රකිනා

පුතුට පසුව යමි කියමින් අනෝමාව වරණා

මැරෙන තුරුම උරහිස මත

දිවියේ බර දරනා

පතුල ගෙවුණු මහලු පයට මහ පො‌ළොවත් නැමුණා

 බුලත් කහට පිරුණු මුවඟ දුකක වගක්

නොතබා

කහටක් නැති හසරැල්ලක් හිත පුරාම

රඳවා

උපන් බිමට රන් දහදිය මල් වැසි කොට

සදවා

ලද පමණින් සැනසුන සක්විති නුඹදෝ

සිතුණා   

   -  වත්සලා කන්නන්ගර  -

෴෴෴    ෴෴෴

හැළෙළෙ විට දුක්  කඳුළු

තෙරපගෙන සිත තුළ ම

විමසලා බලනවා

කිමද දුකට ම කරුණු   

 සැප මෙන් ම දුක් කඳුළු

පැසසුම්  ද  නින්දා ද

එක ළඟ ම එන බවයි

දහම  පවසන කරුණු

 දුක් විදින අයට නෑ

නිවන්  මග දුර වෙන්නේ

දෙසු දහම නිසාම යි

හදට සැනසුම්  දෙන්නෙ     

 -  ජයමිණි රණසිංහ  -