උණුසුම් පුවත්

ස්වකීය නිර්මාණ උදෙසා කවි කිවිඳියනට අවස්ථාව හෙළදිව වෙතින්

නො විඳිනෙමි

සියල්ලම නිමා වී

මා මිදේයැයි සිතේ

රළු පරළු වේදනා

තවත් කුමටද  විඳිනු

අනියතය සියලු දේ

මට මාද නොමැතිමය

ඉවත් වන විට සිතින්

එකින් එක

සැහැල්ලුය

රැහැයියන්ගේ ගීත

ගෙඹි පවුලෙ සංවාද

රෑ කොවුල් සංධ්වනි

සේපාලිකා සුවඳ

කඬුපුලෙක කෙටි මතක

තුරු වදුලු මත වැටී

ගලා යන සඳ දියර

තරු පිපුණු අහස් කුස

තවත් නො අසමි

නො බලමි

නො විඳිමි

අවසන පසක් විය

සියල්ලෙහි හිස් බව

ඉතින්

යළි නො ලියමි

මතකයෙන් මකාලමි

වැසි සුළං හෝ හඬට

නැවත සිත නො යවමි

සොබාදහමේ අරුම

ඔහේ සිදු වුණාදෙන්

මම කුමට වෙහෙසෙමි ද ඒ ගැන ....

  -  කමලා ලියනගේ  - 

 

අකුරු උගනිව්.....

ඇල්මෙන් අකුරු

වෑරුණු දෙපා

සොලවන්නට තානමට

වේ වැල් කෝටු

 

අරගන්නට බෑ අතට               

ගල් කැට අතර හමු වෙයි

නියපොතු සුමට

ඇල්මෙන් අකුරු

උගනින්නට බැහැ නුඹට

සිව් සිය දහස් දුර

යන්නට නගරයට

දුම්‍ රිය මැදිරි

පසු වෙනවා එක පෙළට

පොප්ලරයෙනි ඉතිං

එනවා මම අයිලයට

අල්තීනායි ඔබ යා යුතු

ලෝකයට 

- නයෝමී අමරසිංහ - 

 

 

 

 

 

           ⋆⋆⋆      ⋆⋆⋆

ලාබයි උණුසුම....

කෝපි හල් ළඟ

පහන් කනු යට

උණුසුමත් ලාබයි

කාසියට දෙකට

සිනහ විකුණන

වීදි කොන

පර මලුත් පිපෙනවා

රෑට........

⋆⋆⋆      ⋆⋆⋆

 

 

ෂර්මිලා බංදුනී දංවත්ත

 

            නිවීම.......

උනා දමා ලැජ්ජා බය

දිව ගියෙමි උමතුව

දැවෙන මන නිවාගැණුමට

එලවාගනු සිහිය නැගණිය.......

වදහල තැනදි නැවතින

නිවා භව ඕග ගිනි සිළ

පොරවාගතිමි......

ලැජ්ජා භය දෙකෙහි සළු පට

ශත සහස් වස් ඉක්මිණ

තවමත් පුහුදුන් මනසිනි ලෝකය

උනා ඒ පිලි තැන තැන

අවුලවයි රාගයේ සිල

කිමද මං මුලාවනු තව

පටාචාරා.........

....................  නිවී බොහෝ කලකට පෙර!!

 

 

 

 

උණුහුම

මුව සරසා ගත් සුන්දර සිනාවට...

නළලත රැඳුණ ලස්සන මල් කලාවට...

පිච්ච මලින් සැරසුණ වරලස දිගට...

මැව්වේ කවුද මේ පිළිරුව ලතාවට...

 

සිංහල දෙමළ මුස්ලිම් කියනා ජාති...

ආගම් කුල භේද කිසිවක් අපට නැති...

ලෝකය පුරා වෙසෙනා මිනිසුන් සිතැති...

මිනිසත්කමට හද බැතියෙන් පෙම පුදති...       ‍

කුස තුළ හොවා ලේ  කිරි කරදුන්න හැටි...

සිහිවන විටදී හද කකියයි කඳුළු වැටි...

සැරවැර කළත් ඉඳ හිටලා දීල ගුටි...

අප්පච්චිගේ උණුසුම මුළු ලොවක් වටී...

කුසුම් පිපුණු යෞවනයේ සුවඳ උරන්න...

පැතුම් පොදි බැඳන් සතුටින් පාද තබන්න...

උතුම් කුලකතක් වාගේ ලොව වැජඹෙන්න...

සුසුම් කඳුළු මල් පාවඩ එපා එලන්න...   

  - ඇන්ජලා පැල්පොළ  -