උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

ස්වයං නිර්මාණ කවි කිවිඳියන ගේ පාරාදීසය

උදා සිරිය!

ආදරෙන් සිනාසිසී බලයි ඇවිත් හිරුත්

පා සෙනේ නළින් පුරා රඟයි ගසුත් වැලුත්

මා,නදින් ම්හිරි සේ. ගයත් සියොත් කැළත්

මා විඳිම්  උදාසිරී එන්නකෝ ඔබත්!    

මා විඳිම්  උදාසිරී එන්නකෝ ඔබත්!!

සඳත් හිනැහී එබෙන විටදී ඔබත් සීනෙක සැතපිලා

ඉරත් සැනසී එලිය දෙද්දී

අපත් නින්දෙන් නැඟිටලා

තවත් දවසක් උදා  වෙද්දී අහස දසතින් පිනි  සලා

යළිත් තුඩගින්  ගයන මිහිරට සිතත් සතුටින් ඉපිලිලා

සුබ දවසක්!!

 - ඛේමා ලියනගේ  - 

සීතල

 

ළංවෙන්න බැරි තරමි..

දුර ඉදන් මා නමින්..

නුඹ දෙඩුවේ ඇයි මටම..

ඝනදුරට තරු ඇසින්..

පෙමි ලොවම රහස් මත..

සිත්යායේ මල්මතින්..

සදකිරණ මල්රටා..

වැලළුණා තනිකමින්..

නුඹේ  හුස්ම සොයාගනු..

රැ වරුවේ සිතලින්..

ඔරු පාරු පියමැන්නා..

අයිස් මත නිදි මතින්.

 

-   ශ්‍යාමලී ගමගේ  -

කිමැ

වීදි කොනේ අඳුරෙ ගිලී  පහන් කණුව ඔරවාගෙන

වැහි බින්දු එකින් එකට විසිරෙන්න  සැරසිලා

සඳත් හෙමින් එබිකම් කර අඳුරෙ කිමද අසන තුරුම

මහ වැස්සේ ඔබ  දකින්න හිඳිමි නැවතිලා

බැබලි බැබලි නුඹ ආ දින අත්වැල් අල්ලා ගිය මඟ

මා විතරක් අද තනිවම කිමද තනි වෙලා ආලෝකයෙ එළි අතරින්

ඇසට වැදුණු සැර එළියෙන් විමතියකට පත්වූ මා

හැරුණු හිස නමා සැණෙන් වැදුණු නලා හඬින් දෑස් ඇර බලා විමසා

ඔබ යන හැටි හිනා වෙවී දකිමි සිත දරා

අනෝරාව මහ වැස්සේ ඔබ නුදුටුව මා හදවත

ඉවසා ගත් සුසුම් එක්ක වැටුණි බිම බලා

-  නලිනි ද සිල්වා  - (කළුතර)