සැනසුමේ ඉම පතා.......
දෙන්නට සාමේ බෙදා
ජේසුනී ආව එදා
සිහි කර නමදිමු
ඔබේ ගුණ මහිමය...
තෙල් මල් බැතින් පුදා 
සරසා ගන්න දිවි මංපෙත දිරි වඩලා
මිනිසා දුවනවා සැනසුමේ ඉම පතලා
වනසා නොගෙන අභිමානය වැඳ වැටිලා
ඉවසා දරා ගෙන යමු ජයටැඹ සොයලා
මඟ දෙපසේ තුරු ලියවැල් සිනා සිසී අත වැණුවා
එදා වගෙම සිහිල් සුළං රහස් කතා මිමිණෙව්වා
කුරුළු කොබෙයියන් එක්වී මිහිරි ගීතයක් ගැයුවා
අතීතයේ ඇඳි සිතුවම් ගව්වෙන් ගව්වට දුටුවා
-
ඇන්ජලා පැල්පොළා
-
සිතුවම - අන්තර් ජාලයෙනි
