උණුසුම් පුවත්කාලීනසංස්කෘතික

සාමයේ පණිවිඩය රැගෙන ආ කුමරුවාණන් ගේ උපත සිදුවූයේ අද (25) යි

නත්තල් සීනු හඩින් ලොව ම ඒකකෝලාහල වනදා ඒ සාමයේ කුමරු උපන් බිමට....!!?

ලීලයේ නාසරෙත් නුවර විසූ දාවිත් පරපුරෙන් පැවත එන ජෝසප් නමැක්කාට විවාහ ගිවිසුම දී හුන් මරියා නම් කන්‍යාවට 'ගාබ්‍රියල්' නම් දේවදූතයා සුබාරංචියක් දැක්වී ය. 

''නමෝ මරියෙනි!ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියෙනි!! ස්වාමීන් වහන්සේ ඔබ සමඟ ය.ඔබ ආශිර්වාද ලද්දී ය."

මෙය කන වැකුණු සැණින් මරියා‌ොව් බියපත් වූහ. ඇය බියපත් වූ බව වටහා ගත් දේවදූතයා "මරියාවෙනි, බිය නොවන්න. ඔබ දෙවියන්ගේ වරප්‍රසාද ලත් කාන්තාවක්. ඔබ පිළිසිඳ ගෙන පුතකු ලබනවා. උන්වහන්සේට "ජේසුස්"යනුවෙන් නම් තියන්න. ‍

ඒ ඇසූ මරියාවන්. ''මට පුරුෂයකු නැති බැවින් මෙවැන්නක් කෙසේ විය හැති ද?"
එවාට දේවදූතයා "ශුද්ධාත්මයාණන් ඉපැදෙන දරුවා දෙවියන් වඑහන්සේ ගේ පුත්‍රයාණෝ" ය කියනු ලබන්නේ යැ යැ පැවසී ය.
මරිය තුමිය ගැබ් ගෙන ඇති වග දැනගත් වඩුකාරිමකයකු වූ ජෝසප් සත්පුරුෂයකු වූ හෙයින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින් රහසින් ඕ අත්හරින්නට ඉටා ගත්තේ ය. හේ මේ පිළිබඳව කල්පනා කරමින් සිටිය දී සිහිනයකින් ඔහුට දර්ශනය වූයේ ස්වාමීන් වහවන්සේ ගේ දේවදූතයෙකි.
''දාවිත් ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිය වන මරියා පාවා ගන්නට බිය නොවන්න. මන්ද, ඇ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසිනි. මරියා පුතකු බිහි කරන්නී ය. උන්වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතු ය. මන්ද සිය සෙනඟ ඔවුන් ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ ය.මේ සියල්ල සිදු වූයේ ස්වාමීන් වහන්සේ දිවැසිවරයා ලවා කියෙවු කීම ඉටු වනු පිණිස ය.  
මේ අතරතුර අධිරාජ්‍යයේ සියලු වැසියන්ගේ සංගණනයක් කිරීමට අගොස්තුස් අධිරාජයා නිකුත් කළ නියෝගයකි. මේ කුරේනියස් සිරියාවේ ආන්ඩුකාරවරයා ව සිටිය දී කරන ලද පළමු වන සංගණනය යි. සියලු වැසියෝ ලියාපදිංචි වනු සඳහා තම තමන්ගේ නුවරවලට ගියහ.ජෝසෙප් ද දාවිත් ගේ වංශය හා පෙළපතට අයිති වූයෙන්, ගලීලයේ නාසරෙත් නුවරින්, ජුදයේ බෙත්ලෙහෙම් නම් දාවිත් ගේ නුවර යනු අදහසින් නික්මුණි.
ගැබ්ගෙන සිටින සිය බිරිය මරියාවන් සමඟ ලියාපදිංචි වීම සඳහා යමින් සිටිය දී ඇගේ ප්‍රසව කාලය පිරුණි. ඔවුන් නවාතැන් ගනු පිණිස තානායමට ගිය ද එහි ඉඩකඩක් නොවී ය. මරියාවන්ගේ තත්වය කෙරෙහි කල්පනා කළ තානායම්කරු හැකිනම් අපේ ගවහලෙහි නතරවිය හැකි යයි කීයෙන් කළහැකි අන්කිසිවක් නැති ජෝසෙප් තසි බිරිය හා රැය ගත කරන්නට ගවහලෙහි හෝ රැඳෙන්නට ඉටා ගත්තේ ය.
ඒ ගවහලේ දී මරියා තුමිය පුත් රුවනක් ප්‍රසූත කළා ය. මේ බිළිඳා සීතෝෂණයෙන් වළකාගන්නට රෙදිකඩින් ඔතා ගව ඔරුවක තැබුවා ය.
දෙව්පුත් තෙමේ උපන් බව දැනගත් පෙරදිග ශාස්ත්‍රවන්තයෝ තිදෙනෛක් ජෙරුසලමට අවුත් ''ජුදෙව්වරුන්ට රජව උපන් උතුමාණෝ කොතැන්හි ද? අපි ඒතුමාණන්ගේ තාරකාව පෙරදිග දී දැක , එතුමාණන්ට නමස්කාර කරනු පිණිස ආවෙමු" කීහ. 
එපවත් සවන් වැකුණු සැණින් හොරොද් රජ මෙන් ම මුළුමහත් ජෙරුසලම් ජනයා ද කැළඹුණහ.
එකල ඔහු නායක පූජයන් ද, විනයධරයන් ද ජනයා ද රැස් කරවා, "ක්‍රිස්තුස් වහන්සේ කොතැනක උපදී  ඇද්දැ යි ඒ ජනයාගෙන් විමසී ය. ඔවුන් කතාබහේ යෙදී ''ජුදයේ බෙත්ලෙහෙමෙහි යැ" කියා දිවැසිවරයා කියා ඇති දේ ද සඳහන් කෙරුණි.
''එම්බා ජුදා දේශයේ බෙත්ලෙහෙම! තී ජුදාගේ භූපතීන් අතර කිසි සේත් අල්ප නොවන්නී ය. මන්ද, මාගේ ඉශ්‍රායයෙල් සෙනඟ පාලනය කරන මූළිකයෙකු තී කෙරෙන් නික්මෙනු ඇතැ යි" ඔහුට කී ය.
එවිට හොරොද් ශාස්ත්‍රවන්තයන් රහසින් කැඳවා තාරකාව පෙනුණු වේලාව ඔවුන්ගෙන් හොඳින් දැනගෙන, "ඔබ ගොස් ඒ ළදරුවා ගැන හරි ලෙස විමසන්න. ඔබ විමසා සොයාගත් පසු, මාත් ගොස් උන්වහන්සේට නමස්කාර කරනු පිණිස මටත් දන්වන්න" යි කියා ශාස්ත්‍රවන්තයින් බෙත්ලෙහෙමට යැවී යත රජුගේ එබස් අසා ඔවුහු පිටත් ව ගියහ.
පෙරදිග දී ඔවුන් දුටු තාරකාව ළදරුවා උපන් තැනට අවුත් ඉහළින් නවතින තුරු ඔවුන්ට පෙරටුවෙන් ගියේ ය. තාරකාව දැක ඔවුහු මහක් සේ ප්‍රීති  ප්‍රමෝද වූහ. ඔවුහු ගෙට පිවිස ළදරුවා සිය මව් වන මරියා කුමී හා සිටුනු දැක පසඟ පිහිටුවා වැඳ, සිය කරඩු ඇර රන් ද, තුවරලා ද, ගන්ධ රස යන පඬුරු උන්වහන්සේට පූජා කළහ.
හොරොද් කරා ආපසු නොයන සේ සිහිනයකින් දක්නා ලද ඔවුන් පිට මඟකින් සිය දේශය බලා ගියහ.
ස්වාමීන් වහන්සේ ගේ දූතයෙක් ජෝසෙප්ට හීනෙන් දර්ශනය වී ඔහු ඇමතී ය. "ළදරුවා ද රැගෙන බිරිය ද  මා දන්වන තුරු මිසරයේ සිටින්නැ යි ඒ දූතයා ඔහුට සැලකළේ ය. මන්ද යත්, හොරෝද් රජ ළදරුවා මරා දැමීමට සොයයි" යි සඳහන් කළේ ය.
දූතයා පැවසූ එවදන් ඇසූ ජොසෙප් සිය බිරියත් ළදරුවත් කැටිව මිසරයට ගියේ ඒ රැයෙහි ම ය. ඔහු ඔවුන් සමඟ රජා මියැදෙන තෙක් ම මිසරයේ ජීවත් වූයේ ය.
ශාස්ත්‍රවන්තයින් විසින් තමා රවටන ලද වටහා ගත් හොරෝද් රජ තෙමේ මහත් සේ උදහස් විය. ඔහු ශාස්ත්‍රවන්තයින් ගෙන හරියා කාරව දැන ගත් කාලය අනුව දෑවුරුදු වයස් වූ ද ඊට බාල වූ ද බෙත්ලෙහෙමෙහි හා තදාසන්න ආශ්‍රිත මුළු පෙදෙසි හි ම සිටින සියලු පිරිම දරුවන් මරා දාන්නට අන කළේ ය.
හොරෙද් මිය ගයි පසු ස්වාමීන් වහන්සේ ගේ දූතයෙක් ජෝසෙප්ට මිසරයේ දී සිහිනයෙන් දර්ශනය වී '' නැගිට දරුවා ද බිරිය ද කැටිව යන්න. දරුවා නසන්නට උත්සාහ කළ අය මළහ යි කීය. ජොසෙප්  බිරියත් දරඅවන් රැගෙන ඊශ්‍රායලයට ආවේ ය. ඒත් මියගිය හොරෝද රජගේ පුත් අර්කෙලාවුස් ජුදා දේශයේ රජ කරන බව අසා එහි යන්නට බිය වූයේ ය. සිහිනයික්න් දැන්වූ පරිද්දෙන් හේ ගැලීලියට ගොස් නාරෙත් නුවර වාසය කරන්නට විය. එහෙම කරන ලද්දේ "උන්වහව්සේ නාසරියකු බව සිවැසිවරයන් කියන ලද හෙයින් එය ඉටු කරනු වස් ය.
දරුවා හෙවත් ජේසුස් වහන්සේ නාසරෙත් හි දී මාපියනට කීකරුවහැදී වැඩුණාහ. උන්වහන්සේ ප්‍රඥාවෙන් හා කාය ශක්තියෙන් ද දෙවියන් වහන්සේ ගෙන් ද මිනිසුන්ගෙන් ද ප්‍රසාදය ලබ ලබා වැඩුණි.
පාස්කු උළෙල සඳහා වසරක් පාසා උන්වහන්සේගේ මාපියෝ ජෙරුසලමට ගියහ. පාස්කුව යනු අද සමරණ පාස්තු උලෙළෙ නොවේ.  සමහර අය හිතන්න පුළුවන් ජේසුස් වහන්සේ ස්වර්ගස්ථ වූවාට පස්සෙ කෙරෙනා  උත්සවය නොව  ජුදාවරුන්ගෙ පාස්කුව උත්සවය යි.
දොළොස් හැවිරිදි වූ කල උන්වහන්සේ ද ඊට එක්වූහ. ඔවුන් නියමිත කාලය ගෙවා පෙරළා එන අතර ජේසු කුමරාණන් එහි (ජෙරුසලමෙහි) නතර විය. මාපියෝ ඒ වගක් නොදත්හ. පුතණුවන් වන්දනාකරුවන් හා ඇතැ යි සිතාගෙන දවසක ගමන් ගොස් මාපියන් දරුවා සෙවුවත් මුලිච්චි නොවිණි. දෙමාපියන් ආපහු ජෙරුසලමට ගොස් තෙදිනකට පසු දේව මාළිගාවේ පඬිවරුන් හා වැඩහිඳ ඔවුන් කියනා බස් අසමින් සිටින අයුරු දිටී. ප්‍රශ්න විචාරමින් හිඳින ජේසුන් කෙරෙහි ජනයා මහත් සේ පැහැදී සිටිය දී මාපියෝ ඒ දැක විශ්මයට පත් වූහ..
පුතණුවන් දුටු වහා අම්මා මුව විවර කළා ය. ''ඇයි පුතණුවනි කුමක් නිසා අපට මෙහෙම කළේ දැ" යි දුකෙන් යුක්තව විමසුවා ය.''බලන්න ඔබේ පියාණන් දිහා.අපි දෙන්නා ම දුකෙන් වේදනාවෙන් පීඩා විඳ වි ඔබ සෙව්වා. " කි කීවා ය.
''මා පියාණන්ගේ මැඳුරෙහි මා සිටිය යුතු බව  ඔබ නොදන්නහු ද" යි උන්වහන්සේ පිළිතුරු දුන්හ.