උණුසුම් පුවත්සාහිත්‍යය හා කලාව

සිත්තරී

මහිංසා නෙත්මි යට හෙළදිව උණුසුම් සුබ පැතුම් හෙළදිව වෙතිනුත්!!!

ඇය විසින්  සිතුවම්  කොට  ඇති  ලොව ප්‍රකට  මොනාලිසා  චිත්‍රයේ ආකෘතිය  ද ප්‍රවීණ  චිත්‍ර  ශිල්පීන්ගේ පැසසුමට  ලක් වී තිබේ. එසේම  පසුගිය  වෙසක්  උත්සවය  වෙනුවෙන්  විද්‍යාලය වෙනුවෙන්  'මහා මායා දුටු සිහිනය'  විදහා දැක්වෙන වෙසක්  සුභ  පැතුම්  පතක් ද  ඇය විසින්  නිර්මාණය  කළා ය.   
ප්‍රාථමික  පන්ති වල සිට විවිධ  චිත්‍ර  තරඟ  සඳහා  ඉදිරිපත්  වීමෙන්  ජයග්‍රහණය  රැසක් ලබා ඇති  ඇය උසස් පෙගෝනාපීනුවල  ගා/ සාරාලංකාර මහා විද්‍යාලයේ  13 ශ්‍රේණියේ ඉගෙනුම  ලබන එච්.කේ.මහිංසා නෙත්මි ශිෂ්‍යාව චිත්‍ර  ඇඳීමේ විවිධ  හපන්කම් දක්වන දැරියෙකි.
      පුංචි ම පුංචි සංදියේ  පටන් සිතුවම්  නිර්මාණය ට පෙළඹී  ඇති  ඇය පැන්සලෙන් මෙන්ම  විවිධ  වර්ණ උපයෝගී  කොටගෙන  චිත්‍ර  ඇඳීමෙහි දක්ෂතා  දක්වන්නී ය.
     ළ  විභාගය  අවසන්  වීමෙන්  පසුව  තම නිර්මාණ  එක් කොට  චිත්‍ර  ප්‍රදර්ශනයක්  පැවැත්වීමට  ද බලාපොරොත්තුවෙන්  සිටී.

    -  ලාල් ගොඩගේ  -