උණුසුම් පුවත්කාලීනදේශපාලනනව නිපැයුම් සිතීමේ නිදහස රැකගත යුතුයි 2026-01-220 විශ්වවිද්‍යාල පනත සංශෝධනයේ දී විශ්වවිද්‍යාලවල ගෞරවයටවත් ශාස්ත්‍රාලීන්ගේ සිතීමේ සහ අදහස් පළ කිරීමේ නිදහසටවත් බාධා වෙන්න බැහැ - විපක්ෂ නායක ආයතනයෙ පවතින ස්වාධීනත්වය නිදහස් නිවහල් භාවය ආරක්ෂා කිරිමත් ශාස්ත්‍රාලීය නිදහස සුරක්ෂා කිරීමත් ලෝක සාම්ප්‍රදායක් ලෙසත් පොදු රාජ්‍ය මණ්ඩලී සම්ප්‍රදායක් ලෙසත් ඒ අයුරින් ක්‍රියාත්මක විය යුතු බවත් මේ විශ්ව විද්‍යාල සංශෝධන පනතේ අඩුපාඩු ඇති නිසා විපක්ෂයේ යෝජනාද ඉදිරිපත් කිරීමට කැමති බවත් විපක්ෂ නායකවරයා පැවසී ය. විශ්වවිද්‍යාලවල Academic ලාට ඇති ගැටලුව ලෙස මේ සංශෝදන ක්‍රියාත්මක කිරීමේ දී සිදුවිය යුතු සංවාදය සිදුව නැති බවත් පෙනෙන ආකාරයට මේ සංවාද විධිමත්ව සිදුව නැති බවත් ඊට අමතරව පවතින නීතිය වෙනස් වන තෙක් මුල් නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් එසේ නොකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කිරීමක් බවත් විශ්වවිද්‍යාල සංශෝධන පනතේ විවිධ විධිවිධාන ක්‍රියාත්මක වන තත්ත්වයක් තිබියදී අලුත් නීතිය එන තෙක් පීඨාධිපතිවරුන් අංශාධිපතිවරුන් පත් කිරීම නවතන ලෙස නියෝගයක් ගොස් ඇති බවත් එය බරපතල ලෙස නීතියේ ආධිපත්‍යය උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ ය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී හේෂා විතාන මහතාගේ සභාපතීත්වයෙන් යුත් අධ්‍යාපනය පිළිබඳ ආංශික කාරක සභාවේදී විශ්වවිද්‍යාල පනත ගැන අදහස් පළ කරමිනි. මේ නව පනත හරහා අංශාධිපතිවරුන් පීඨාධිපතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් වෙනත් විධිවිධාන ඇති නිසා ඒවා කථිකාචාර්යවරුන්ගෙ නිදහස උල්ලංඝනය කිරීමක් බවත් බලය මධ්‍ය ගත කිරිමක් විශ්ව විද්‍යාලයේ තිබිය යුතු ස්වාධීනත්වය උල්ලංඝනය කිරීමක් සිදු වන බවත් මෙය බරපතල ගැටලුවක් බවත් කාටවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති කතා කිරීමේ අයිතිය අහිමි කරන්න බැරි බවත් මේ හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය. සිතීමේ නිදහස රැක ගැනීම සේම පර්යේෂණාත්මක නිදහස ද රැක ගත යුතු බවත් මෙය රටේ විශ්වවිද්‍යාලවල විශ්වාසය සම්බන්ධ ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කීවේ ය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article තිස්ස විහාරය සාමයේ හා සංහිඳියාවේ, කේන්ද්‍රස්ථානයක් කරමු! Next Article කව් මිණි වැල්