උණුසුම් පුවත්සාහිත්‍යය හා කලාව

සීතා රංජනී සමුගනී

අවසන් කටයුතු හෙට අනුරාධපුරයේ කටුකැලියාව පොදු සුසාන භූමියේ දී

ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදිනී සීතා රංජනී මෙනවිය අද (17) දිවිගමන හමාර කළා ය. මියයන විට ඇගේ වයස හවුරුදු 71 කි. 

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස වෙනුවෙන් දශක තුනකට අධික කාලයක් අභීතව හඬ නැගූ සීතා, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සමාරම්භක සාමාජිකාවක් සේ මාහැඟි මෙහෙයක් පුවත්පත් කලාවට හා පුවත්පත් කලාවේදීන්ට වේදිනියන් වෙනුවෙන් කළ බව සිහිපත් කළ යුත්තේ ය. කලක් ඇය  නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කාරිනියක ලෙස ද කටයුතු කළා ය.

 සීතා රංජනී උපත ලබන්නේ අනුරාධපුරයේ පෙරිමියන්කුලම ගම්මානයේ යි. ඒ  1954 මාර්තු 8 වන දා ය.  සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් සමන්විත පවුලේ වැඩිමහල් දරුවා වූයේ සීතා යි.

පුවත්පත් මාධ්‍යවේදිනියකි. ලේඛිකාවකි, කිවිඳියකි. සහ සමාජ ක්‍රියාකාරිනියකි. ඈ බො‌් දක්ෂතාවන්ගෙන් පිරිපුන් නිර්මාණශීලී ලේඛිකාවක් වූවා ය.

සාමය සහ ජාතික සමගිය සන්හීඳියාවත් ස්ථාපිත කිරී‌මහිලා  සීතා බොහෝ  වෙනුවෙන්  කැපවී‌ මෙන් කළ  මෙහෙවර අගය කළ යුත්‌තේ ම ය. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස පාලන සමයේදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමඟ එක්ව එහි සමාරම්භක ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළ ඇය, මර්ජ් ආයතනය විසින් ප්‍රකාශිත 'යුක්තිය' සති අන්ත ටැබ්ලොයිඩ් පුවත්පතේ මාධ්‍යවේදිනියක ලෙස ද සේවය කළාය.
සීතා රංජනී ගේ අවසන් කටයුතු පෙබරවාරි 18  අඟහරුවාදා (හෙට) සවස කටුකැලියාව සුසාන භූමියේ දී සිදුකෙරයි.

හෙළදිව සීතා රංජනී නම් දෙටු පුවත්පත් කලාවේදිනියට අපගේ උත්තමාචාරය පිරිනමම්හ.