උණුසුම් පුවත්කාලීනසාහිත්‍යය හා කලාව

“සුගත හරසර” 28 ඉරිදා

පුවත්පත් කලාවේදියකුට උපහාර

සුගතපාල මැන්දිස් ගේ අඩසිය වසරක මෙහෙය අගයැ කරමින් ගාල්ලේ ජනමාධ්‍ය සංවිධාන එකතු වී ඔහුට උපහාර දැක්වීමේ උළෙලක් 28 වැනි ඉරිදා පැවැත් වේ.

ගාල්ල කළුවැල්ලේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී ‌"සුගත හරසර" පැවැත් වෙන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ හිටපු අංශ ප්‍රධානී මහාචාර්ය අඟුළුගහ ධම්මින්ද නාහිමිපාණන් ගේ ප්‍රධානත්වයෙනි.

රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කණුමුල්දෙණියේ චන්දවිමල අමරපුර සද්ධම්ම වංශ මහා නිකාය‌ේ මහානායක හිමිඵානන් වහන්සේ ගේ අනුශාසකත්වයෙන් පැවැත් වෙන මෙම අභිනන්දන උළෙලෛ් දී රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය සන්ධ්‍ය කහඳගමගේ හා ජනාධිපති සම්මානලාභී ප්‍රවීණ ලේඛක දේශක ආචාර්ය ගාමිණි කුමාර විතාන යන වියත්හු ප්‍රධාන දෙසුම් පවත්වති.