නුහරු තනිකම
උදේ රැයින් අප්පච්චි දුර ගමනක් යනවා කිව්වා...
වදේ විඳින අපේ අම්මා ගෙවල් ගානේ වැඩ හෙව්වා...
කදේ ගහන ලොකු අයියා බයවී උඩ බිම බැළුවා...
සඳේ එපා මුවාවෙන්න තනියට කවුරුත් නැතුවා...
සුදු හාමිනේ නුඹ කැන්දන් ආව දිනේ...
පිදු සෙනෙහස හද පතුළට තවම දැනේ...
මුදු වදනින් මා සනසා පෑව සෙනේ...
බිඳ වක් වත් නැහැ තවමත් වෙනස් උනේ...
ඇන්ඳේ සරම උඩුකය සීතලේ තියලා....
ලන්දේ, කෙතේ දවසෙම දාඩිය හෙලලා....
නින්දේ නොනින් දෙත් පොඩි වුන් මත නැහිලා....
වින්දේ දුක මැණිකේ මම උඹ ගැන හිතලා...
- ඇන්ජලා පැල්පොළ -
දනිමි
හිමි නොවන බව දනිමි නටු නැතිව මල් අගට නෙතු සරින් ඉකිබිඳිමි දුර ඈත ඉඳ කෝම
මල්වරම අතට ගත් නුඹ නමින් මම තාම සිත් පුරා පෙම් බැන්දා ආදරෙයි හැමදාම
නුඹ මලෙහි නටුව නැති නිල් අහසේ සඳපාන....
තනි රකියි තරු වැස්සේ
දුර ඉඳන් මා හාම
- ශාමලී ගමගේ -