සාගරය උපයෝගී කරගනිමින් කෙරෙන මතුද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරනා නාවුක හමුදාවේ තවත් මෙහෙයුමක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුරනිමල නෞකාවේ නාවිකයින් විසින් ඈත මුහුදේ දී බහුදින ධීවර යාත්‍රාවක ඉතා රහසිගත අයුරින් සූක්ෂම ලෙස සඟවා ගෙන ගොඩබිමට ගෙන එමින් තිබූ හොරොයින් මක් කුඩු මහ තොගයක් සහිතව ධීවරයින් හය දෙනකු අත්අඩංඩගුවට ගෙන ඇත.නාවික හමුදාව විසින් සොඑම ධීවර යාත්‍රාවේ සඟවා තිබිය දී සොයාගත් හෙරොයින් තොගය කිලෝ ග්‍රෑම් 67 ක් පමණ වන බව නාවුක අරංචි මාර්ග කියයි.
මේ විෂමත් ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි එකසිය හැට පහකට වඩා මිලක් සහිත බව ද නාවික හමුදාව කියයි.
මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් පිටු දැකීමේ ජාතික අභිලාෂය සාක්ෂාත් කරගැනීම උදෙසා සාගර කලාපය ආවරණය වන පරිදි ඉතා අවධානයෙන් යුතුව ආවේක්‍ෂණ කටයුතු සිදුකරනු ලබන නාවික හමුදාව සාගරය ඔස්සේ සිදු කෙරෙණ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලද බුද්ධි තොරතුරකට අනුව, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ, ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාව යොදවා සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් (01) නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාව තුළ තිබී හෙරොයින් බවට සැක කෙරෙණ මත්ද්‍රව්‍ය සහිත උර හයක් (06) සොයා ගැනීමෙන් පසු, එම බහුදින ධීවර යාත්‍රාව එහි සිටි සැකකරුවන් හය දෙනෙකු (06) සමඟ 2024 නොවැම්බර් මස 14 වන දින නාවික හමුදා භාරයට ගෙන, වැඩිදුර පරීක්ෂාව සඳහා අද (2024 නොවැම්බර් 15 දින) උදෑසන ගාල්ල වරායට රැගෙන ඒමට කටයුතු කෙරිණි.
එම යාත්‍රාවේ නියමුවා ඇතුළු ධීවරයින් හය දෙනකු බෙරේදා ගාල්ල වරායට ගෙන එන ලදි. මේ හොරොයින් තොගය මුහුදු මඟින් ගොඩබිමට ගෙන එමින් සිටින ලද ධීවරයින් හය දෙනා මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
ඈත දියඹ මුහුදේ දී මොවුන් වෙනත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන යාත්‍රාවකින් හුවමාරු කරගන්නට ඇතැයි නාවික හමුදාව සැක පළකරයි.