උණුසුම් පුවත්දේශපාලන

සුහුරු පන්ති කාමර වැඩ පිළිවෙළෙහි 251 ක් වැන්න යි මේ

ඉස්සරහට හොද හොද දේශපාලන ඩීල් බලාගත හැකි

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 251 වැනි අදියර යටතේ කුරුණැගල මාවතගම පරගහදෙණිය ජාතික පාසලට  රුපියල් 1,177,000 ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් සජිත් ප්‍රේමදාස මහතා  ජුනි 22 දා පරිත්‍යාග කළේ ය.

 

 

 

 

 

 

 

 

 

 

හොදම දේ දරුවන්ට කියන පාලකයෝ අගනුවර සුඛෝපභෝගී කාමරවල සිට එක්තරා කල්ලියක් සමග ඩීල් දමමින් සිටින බවත් මොවුන් මෙරට සාමාන්‍ය පවුල්වල දරුවන් ඉහළ මට්ටමට එනවට කැමති නොවන බවත් නිවැරදි නොවන අධ්‍යාපනයක් ලබා දී මේ දරු පරපුරත් ඔවුන්ගේ වහලුන් ලෙස තබා ගැනීම ඔවුන්ගේ අභිප්‍රාය බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ජනතාවගේ ජන්දේ අරන් පාලකයෝ එක්ක ඩීල් දානවා යි ද හේ පැවසී ය. 

ආත්මයත් ඩීල්වලට පාවා දීලා

ඉස්සරහට හොද හොද දේශපාලන ඩීල් බලාගත හැකි බවත් මේ අය ඔවුන්ගේ ආත්මයත් පාවා දී ඩීල් දාන දේශපාලනඥයන්ට ජනතාව පිළිතුර දෙන බවට විශ්වාසයක් ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.