උණුසුම් පුවත්දේශපාලන

සූරියප්පෙරුමයෝ දිවි සැරිය හමාර කරති

දිවංගත වන විට හවුරුදු 96 යි

ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා අද අභාවප්‍රාප්ත විය.

රෝහල්ගතව හුන් ඔහු මියයන විට ජීවිතයේ අනූහය වැනි සැතපුම් කනුව ළඟ විය.  1928 ජූනි 8 දා ඔහු ජන්මලාභය ලබා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සේ සිටි ඔහු ප්‍රකට දේශපාලන විචාරකයෙක් සේ සුපතලව හුන්නේ ය. ඉතා විචක්ෂණශීලී තර්ක විතර්ක ඉදිරිපත් කරන්නට ගජ හපනකු වූ සූරිප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය ඇරඹූවත් ඔහු අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූයේ ය.
ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා ගම්පහ දී උපත ලද්දෙකි. විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරයකු සේ ද කටයුතු කළ ඔහු බොහෝ දනන් ගේ සිත් දිනාගැනීමට සමත් වූ දේශපාලන චරිතයති