උණුසුම් පුවත්

සෙල්ලම් ටෙඩියන් තුනක සැඟවූ රු. මිලියන 517 ක කොකේන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට

මැයි 30 — ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අද අළුයම තායිලන්ත ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබීය. ඇය සන්තකයේ සූක්ෂම ලෙස සැඟවා තිබූ කොකේන් කිලෝග්‍රෑම් 10.3 (කැප්සියුල 500ක්) සොයාගත් අතර, එය රුපියල් මිලියන 517කට ආසන්න වටිනාකමකින් යුක්ත බව රේගු නිලධාරීන් සඳහන් කරති. සැකකරිය කටාර් ගුවන් සේවයේ QR 662 යන ගුවන් යානයෙන් උදෑසන 2.50ට පමණ දොහා නගරයෙන් මෙරටට පැමිණි අතර, ඇයගේ වයස අවුරුදු 39කි. මෙම මත්ද්‍රව්‍ය සෙල්ලම් ටෙඩියන් තුනක් තුල සඟවා තිබුණු අතර මෙය ඉතිහාසයේ විශාලතම ගුවන් තොටුපළ කොකේන් මත්ද්‍රව්‍ය වැටලීම බව රේගු නිලධාරීන් පවසති. වැඩිදුර විමර්ශන සඳහා සැකකරිය සහ මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍ය්ංශයට භාර දීමට නියමිතය.