ඒ ගණුගදනුවට ''බික්කුච්චන්'' රෑට රෑට අපාර්ට්මන්ට් එකකට බඩගානවා. - විමල් වීරවංශ
මේ ගොල්ලන් නමින් වමේ වුණාට දැන් සම්පූර්යෙන්ම දක්ෂිණාංශයේ අන්තවාදයේ ඉන්නේ.
මීට වසර කිහිපයකට පෙර ඉදිකර අවසන් කිරීමට තිබූ මධ්‍යම අධිවේගයේ කඩවත - මීරිගම කොටස අද බිලියන පහක වන්දියකුත් ගෙවා එදා වියදමට වඩා තුන් හතර ගුණයකින් වැඩිපුර වියදම් කර ආරම්භකරන්නට වත්මන් ආණ්ඩුවට සිදුව ඇත්තේ ජනතා විමුක්ති පපරමුණ එවකට බොරු ''පරිසර විරෝධ්‍තා'' හා විවිධ් ප්‍රලාප මෙන්ම ''මිත්‍යා ප්‍රබන්ධ්'' ගොඩනගමින් එහි වැඩකටයුතු කඩාකප්පල් කළ නිසා බව ජාතිය ගලවා ගැනීමේ පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගිය 17 වනදා බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ දී පැවති පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ ය.
එම මිථ්‍යාවන් හා ව්‍යාජ ප්‍රතිවිරෝධතාවන් නිර්මාණය කරපු උදවියටම තමන් එසේ ගොඩනැගූ ප්‍රබන්ධ කතා, ප්‍රලාප හා විරෝධතා බොරු බව පිළිගනිමින් වන්දි ගෙවමින්, තුන් හතර ගුණයක වැඩි වියදමක්, දරමින් අද මේ කිලෝමීටර් 37 ක ප්‍රමාණය ඉදිකරන්නට සිදුව ඇති බව පෙන්වා දෙමින් විමල් වීරවංශ මහතා කීවේ, එදා නියමිත පරිදි එම මාර්ගය ඉදිකරන්නට ඉඩ දුන්නේ නම් පසුගිය ජනාධිපතිවරණය්දී, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට එම මාර්ගයේ මැතිවරණ රැස්වීම් ඇමතීම සඳහා ගමන් කළ හැකිව තිබුණු බවයි.
එවන් වාජ ප්‍රතිවිරෝධ මතුකරමින් ජාතියේ සංවර්ධ්‍න කටයුත්තක්, එසේ වැළැක්වීම තුළ අද ශ්‍රී ලංකාවට හෝ ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරයට හෝ වෙනත් ආයතනයකට සිදුව ඇති ප්‍රතිලාභය කුමක්දැයි, වාසිය කුමක්දැයි වීරවංශ මහතා ප්‍රශ්න කරයි.
''මේක එක්තතර ආකාරයක මහජන ධනය කාබාසිනියා කිරීමක්. ණය බරට තව තවත් අපේ රට ඇද දැමීමක්. ඒ වගේම මේ වාපෘතිය කරන්න එදා තෝරගත්තු අයටම තමයි අදත් මේ කොන්තරාත්තුව දෙන්නේ. එදා තෝරගත්තු අය වැරදි නම් ඒ අය වෙනුවට වෙනත් කෙනෙක් තෝරගත හැකියි. ඒ අයටම තමයි කොන්රාත්තුව දෙන්නෙ. වන්දි මුදල ලෙස තව බිලියන 5 කුත් ගෙවලා. ඊට අමතරව තව තුන් හතර ගුණයක අධික පිරිවැයකුත් දරලා. එදා කිව්වෙ කොන්තරාත්තුව තුළ විශාල දූෂණ තියෙනවා කියලා. මේ නිසා අද බොහොම පැහැදිලියි. එදා දූෂණ තිබ්බ නම් අද මේක ඇතුළෙත් පට්ට දූෂණයක්, තියෙනවා. එදා කාට හරි කීයක් හරි ගියා නම් අදත් ඊට වඩා වැඩි ගාණක් මෙක ඇතුළෙ කාට හරි කීයක් හරි යනවා. ඒ නිසා තමයි ඇඟට පතට නොදැනී අම්ම අප්පපේ බූදලේ වගේ බිලියන 5 ක වන්දියකුත් අර එදා පිරිවැයට සාපේක්ෂව තුන් හතර ගුණයක අධික පිරිවැයකුත් දරන මට්ටමකට ගමන් කරලා තියෙන්‌ෙන්. ''
මෙම කාරණාවත් සමගම වත්මන් රජයේ තවත් දූෂිත වාපෘති දෙකක් ගැන කරුණු පැහැදිලි කළ විමල් වීරවංශ මහතා විදුලි බල මණ්ඩලය කොටස් හතරකට වෙන්කර පුද්ගලික අංශයට පවරා දීමේ පනත හා වැඩපිළිවළ ගැන ද කරුණු පැහැදිලි කළේය. එදා එම පනතට එරෙහිව ජවිප ගත් ස්ථාවරය නිසා ලංවීම සේවකයෝ 27 000 ක් පමණ රැවටී මාලිමාවට ඡන්දය පාවිච්චි කළ බවද පෙන්වා දුන්නේ ය. ''අද එදා ගෙනආපු පනතේ ''පොඩි පවුඩර් ටිකක් ගාලා'' ඒ විදිහටම පනත සම්මත කරලා දැන් ඒ පනත අනුව විදුලි බල මණ්ඩලය ජාත්‍යන්තර මූල අරමුදලේ සහ බටහිර ආයතනවල යෝජනාව අනුව, නිර්දේශය අනුව, හතරට කඩලා දැන් ඒ කෑලි හතර ක්‍රමානුකූලව පියවරෙන් පියවර විවිධ් පුද්ගලික සමාගම්වලට විවිධ විදේශීය සමාගම්වලට පාවලා දෙන ව්‍යාපාරයක් තමයි මේ යන්නේ.
දැනටත් විදුලිබල මණ්ඩඩලය එක මණ්ඩඩලයක් හැටියට තියෙද්දී දැනටත් යෝජනා කරලා තියෙනවා 6% ප්‍රමාණයකින් විදලිය බිල ඉහළ නංවන්න. මීට ටික කාලෙකට කලින් තමයි 15% කට ආසන්න ප්‍රමාණයකින් විදුලිය බිල ඉහළ දැම්‌මේ. නැවත 6% කින් ඉහළ දාලා ඉල්ලනවා. මේක හතරකට කැඩුවම මේ වියදම් පිරිවැය මීට වඩා ඉහළ යනවා මිසක් පහළ යන්‌නේ නැහැ. ඒ කෑල්ල කෑල්ල වෙනම ලාබ රේට්ටුව වැඩි කරගන්න බලනවා මිසක් අඩු කරගන්න බලන්‌නේ නෑ. ඒ නිසා පාරිපභෝගික ජනතාව හිතනවා නම් විදුලි බල මණ්ඩලය හතරට කඩලා පුද්ගලික අංශයට දීමෙන් තමන්ට මීට වඩා අඩු පිරිැයකින් යුක්ත විදුලි බිලක් ගෙවන්න පුළුවන්කම ලැබෙයි කියලා ඒක පට්ටපල් මිත්‍යාවක්"
මෙම සාකච්ඡාවේ දී වීරවංශ මහතා මතු කළ අනෙක් වැදගත් කාරණාව වූයේ සෙවණගල උක් කර්මාන්ත ශාලාව් බොරු අර්බුදයක් මවා එය බංකොලොත් වීමට ඉඩ හැර වර්තමානයේ ඉන්දියානු සමාගමක ශ්‍රී ලංකාවේ නියෝජිතයා වන "කැසිනෝකාර අයියා" කෙනකුට එම ජාතික සම්පත විකුණා දැමීමට ආණ්ඩුව ගෙන ව්‍යාපෘතියයි. රෑට රෑට එය මිලදී ගන්නට සූදානම් වන "අයියාගේ" සුපිරි නිවාස සංකීර්ණයේ නිවසට බඩගාමින් ඇමතිවරයා මේ දිනවල කරමින් සිටින රංගනය තමන් දන්නා බවද වීරවංශ මහතා ෙහළි කළේ මෙසේය...
"සෙවණගල මිලදී ගන්න කැසිනෝකාරයෙක් ලංකාවේ ඒජන්තයා වෙච්ච, හඳුනෙත්ති මහත්තයාගේ කුළුපග මිත්‍රයා. අයියා කියලා කියන්නේ. ඒ කැසිනෝ මහත්තයා තමයි ලංකාවේ නියෝජිතයා. ඉන්දියාවේ කට්ටිය ඇවිල්ලා ඊයේ බැලුවා සෙවණගලට ඇවිල්ලා මිලදී ගන්න. අන්න ඒක තමයි සෙවණගල කඩා කප්පල් කෙරුවේ. සෙවණගල වැට්ටුවේ අන්න ඒකට. තුට්ටු දෙකට මේ අයියා කියලා කියන කැසිනෝ නියෝජිතයාගේ ඉන්දියානු සමාගමට දෙන්න . හඳුන්‌නෙත්ති මහත්තයා රෑට රෑට හැමදාම වගේ යන එපාට්මන්ට් එකට ගිහිල්ලා අයියත් එක්ක...... මම එතනින් එහාට මුකුත් කියන්න යන්‌නෙ නැහැ. "
මේ වන විට වත්මන් රජය කරමින් සිටින්‌නේ එදා බලය ලබා ගැනීමට ජනතාව ඉදිරියේ තැබූ පො රොන්දු හා බලාපොරොත්තු මෙන්ම ඔවුන්ගේ ප්‍රතිපත්තිමය සටන් පාඨ සියල්ලටම හාත්පසින්ම වෙ නස්, හාත් පසින්ම ප්‍රතිවිරුද්ධ වැඩ පිළිවෙලක් බව හෙතෙම පෙන්වා දුන්නේ ය
වත්මන් රජය ගෙනයන මේ වැඩපිළිවෙල පරාජයට පත් කිරීමට වැඩ කරන ජනතාව සේම පොදු ජනතාවද අත්වැල් බැඳගත් ක්‍රියාදාමයකට අවතීර්ණ විය යුතු බව ද වීරවංශ මහතා දැඩි ව අවධාරණය කෙළේ ය.
ප්‍රශේනය - දැන් අයථා වත්කම් ඉපයීම පිළිබඳව ඔබතුමාට නඩුවක් තියෙනවා . ඔබතුමා වසන්ත මහත්තයා ගැන කතා කරන්න අයතියක්ත නැහැ වගේ..?
පිළිතුර - ඔව් ඉතින්... මට නඩුවක් තියෙනවා. ඒ නඩුව ගැන කතා කරන්න මට පුළුවන් කමක්ත නැහැ. ඒත් ඉතින් අධිකරණ කටයුතු අවසන් වුණාම ඔබට තේරෙයි මොකක්ද ඇත්ත තත්ත්වය කියලා..
මේ වීරවංශ මහතා ගෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකි
ප්‍රශ්නය - දැන් වසන්ත ඇමැතිතුමා ගැන මොනවද කියන්නේ?
පිළිතුර - අනේ එතුමට ලැබිලා තියන වසන්තය නම් මම හිතන්නේ කාටවත් උදා වෙච්ච වසන්තයක්ත නෙවෙයි. එතුමා හරි භාගයවන්තයි. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයෙන් එළියට ආවට පස්සේ කෙටි කලකින් එතුමා එන්නේ කෙළින්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්න. මම ඒ කාලේ ජනතා විමුක්තති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ. ඔහු ඒ වෙනකොට පක්ෂයේ පූර්ණකාලීන සාමාජිකයකුත් නෙවෙයි. එදා ආවා ජනතා විමුක්තති පෙරමුණට ටිකක් ප්‍රමාණය දරාගන්න බැරි මට්ටපම් මන්ත්‍රීවරුන් ප්‍රමාණයක්. ඉතින් මේ ආපු ගානට දීගන්න කවුරුවත් නැති වුනාම ඔය ප්‍රේමකුමාර ගුණරත්න මහත්තයා තමයි යෝජනා මේ අහවලාවත් දාමු කියලා. මන්ත්‍රීකම ලැබුණට පස්සේ තමයි ඔය පූර්ණ කාලීන දේශපාලනයට ආවේ. ඉතින් එදා ඉඳන් පූර්ණකාලීන දේශපාලනයේ නියුතු කෙනකුට මෙහෙම වසන්තයක් උදා වෙලා තියෙනවා ය කියන්නේ. ඒක අධ්‍යයනය කළ යුතු ක්‍රියාදාමයක්.
මම හිතනවා මේ රටේ ඔය ඉහළ ගනයේ ධනවතුන්ට, ඔවුන්ටත් ඉගෙන ගන්න දෙයක් මෙතුමගෙන් තියෙනවා. ඒ කියන්නේ පූර්ණ කාලීන දේශපාලනය, විශේෂයෙන් වෘත්තිය සමිති දේශපාලනය කරන ගමන් කෝටි 27ක විතර වත්කමක් අත්පත් කර ගැනීමේ භාග්‍යය කෙලෙස ද උදා කරගත හැක්කේ? මම හිතනවා එතුමට යුතුකමක් තියනවා මේ රටේ අනිත් තරුණ පරම්පරාවට ඒ රහස කියා දෙන එක. අපේ තරුණ දරුවන්ට ඒ මාර්ගය අනුගමනය කර ගෙන එවැනි ධනයක් එවැනි කෙටි කාලයක් ඇතුළෙන් උපයාගන්න අවස්ථාව ලබා දෙන එක.
මම හිතනවා ඉතාම වාසනාවන්තයි. පහුගිය මැතිවරණ කාලේ එයාලගෙ ම කෙනෙක්, අර කවුද හේවගේ ද කවුද ඉන්නේ එයා කියලා තියෙනවා ‘‘දේශපාලනඥයෝ ගාව හිටි හැටියේ ඉඩම් අරවා මේවා දේපොළ ඔක්කොම ධ්‍නය තියෙනවා නම්‘‘ ඒවා හොරාකාපු ධ්‍නය කියලා. ඉතින් ඒක එතුමටත් අදාළ යි
ප්‍රශ්නය - වසන්ත මැතිතුමා කියනවා නේ එතුමා කොච්චියේ වෙළඳාම් කරා . එතකොට ටියුෂන් කරා... දෙමාපියන්ගෙන් ලැබුණ වත්කමක් තියනවා... එහෙම කියන්න පුළුවන්. ඇයි එහෙම බැරිද..?
පිළිතුර - මමත් දැන් බලාගෙන ඉන්නේ ටික දවසකට හරි කෝච්චියේ මේ මොනව හරි ටිකක්වි කුණලා ඔය පොල් කොටන් ටිකක් අල්ලලා කොහේ ඉඩමක හරි හට් එකක්ත ගහගෙන ටියුෂන් පාරකුත් පටන් අරන් ට්‍රයි කරලා බලන්න... ඒ වපේ ගානක් අවුරුදු 20 කින් උපයගන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න මාත් හිතන් ඉන්නේ. මම කියන්නේ අපේ රටේ අනිත් අයටත් ඒක ට්‍රයි කරලා බලන්න කියලා. දැන් ඔය කෝච්චියේ විකුණන ගොඩක් අය ඉන්න ටොපි, සිගරට් වගේ අරගෙන . ඒ ගොල්ලන් අධෛර්යට පත් වෙන්න එපා. මේ ආදර්ශය අනුව යමින් තමන්ගේ ජීවිතය ඉතාම බලසම්පන්න කරගන්න ආර්ථික ක්‍රමය වශයෙන්. මම හිතනවා දැන් ඔය රාජ්‍ය සේවයේ ඉන්න අයත් රාජ්‍ය සේවයෙන්යි අයින් වෙලා කෝච්චියේ ටොපි සිගරට් විකුණලා පුළුවන් දෙයක් ටියුෂන් දාගෙන ඉගැන්නුව නම් අපේ වසන්ත සමරසිංහ මහත්තයාට වගේ අවුරුදු 20 කින් විතර කෝටිපති, කෝටි 27ක 28 ක ධ්‍නයක හිමීකාරයෙක් බවට පත් පත්වෙන්න පුළුවන්... ඉතින් මම යෝජනා කරනවා සියලුම දෙනාට රැකියා වලින් ඉවත් වෙලා එතුමා ගත් මග යන්න ඒ ආදර්ශය අනුව කටයුතු කරන්න කියලා.
ප්‍රශ්නය - ඔබතුමාත් ජනතා විමුක්තති පෙරමුණේ ප්‍රබලයෙක් නේ හිටපු. දැන් ඔබතුමා ජීවත් වුණෙත් මේ එක එක පරිත්‍යාගශීලීන් ලබාදෙන පරිත්‍යාග වලින් ද....?
පිළිතුර - මම කියලා නෑහැ නේ එහෙම කතාවක් . ඒගොල්ලන් කියලා තියෙන්නේ . එහෙමයි ජීවත් වෙන්නේ කියලා.
ඔව් ඉතින්.... එක අතකින් ජයසාන්ත අයියාලා පව් නේ ද?... දැන් බැලින්නම් ජයන්තය උදව් කරලා තියෙන්නේ කෝටිපතියන්ට නේ. ජයසාන්තයි ඇඳුන් අරන් දීලා තියෙන්නේ. කාර් දෙකක් තියෙන අයට. ඉඩම් බර ගානක් තියෙන අයට. දැන් ජයසාන්තයිට හිතෙනව ඇති අරන් දීපු යට ඇඳුම් උඩ ඇඳුම් ඔක්කොම ටික ඉල්ල ගන්න.