ඇගේ නිරවද්‍යතාවය ගැන නීතිඥවරුන් අධිකරණයට කරුණු කියති.
වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය ශරීර ඇප මත මුදාහරින්නට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අධිකරණය අද නියෝග කරන ලදි.
පෞද්ගලික ආරක්ෂක සේවාවක් පවත්වා ගෙන යන්නා වූ සේමිණී මහත්මිය එහි සේවකයින්ට වැටුප් ගෙවීම පැහැර හැරීමක් කර ඇතැ යි කියමින් ඔවුන් විසින් අධිකරණ ක්‍රියාමාර්ගයකට පිවිස ඇති අතර ඇය අධිකරණය වෙත නොපැමිණීමේ හේතුවෙන් නිකුත් කරන ලද වරෙන්තු නියෝග මත පොලිසිය විසින් ඈ අත්අඩංගුවට ගන්නා ලදි.
ඒ රිය අනතුරක් සම්බන්ධයෙන් පොලිසියට වාර්තා කිරීමට ගිය අවස්ථාවේ දී ය.
ඇගේ නිරවද්‍යතාවය පිළිබඳ ඉද්දමල්ගොඩ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කිරීම කෙරෙහි අවධානය යොමු කළ අධිකරණය විසින් ඇය ඇපමත මුදා හැරීමට නියෝග කරන ලදි. ඒ ලක්ෂ හතක් වටිනා ශරීර ඇප පිට ය. ඈට එරෙහිව ඇති නඩු කටයුතු හතක් වෙනුවෙන් එක් එක් නඩුකරයකට රුපියල් ලක්ෂයක් බැගිනි.
මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන පැමිණිලි හතරට මුදල් ගෙවීම් සිදුකළ වාර්තා එළඹෙන 19 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් ඉලංගසිංහ මහතා සැකකාර ඉද්දමල්ගොඩ මහත්මියට නියෝග කළේ ය