ඉතිහාසයඋණුසුම් පුවත්දේශපාලනසංස්කෘතිකසෞඛ්‍යය

සෝමාවතිය පුදබිමේ ඉදිකිරීමට යෝජිත හදිසි ප්‍රතිකාර ඒකකය කඩිනමින් ආරම්භ කරනවා – ඇමති වෛද්‍ය නලින්ද

ඉදිකිරීම් සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගන්නවා

ඓතිහාසික සෝමාවතිය පුදබිම ශ්‍රී ලාංකීය බොදු ජනයා වන්දනාමාන කරනු ලබන විශේෂ පුණ්‍ය භූමියක් වන අතර, දෛනිකව මෙම පුණ්‍ය භූමියට විශාල බැතිමතුන් පිරිසක් පැමිණේ. තව ද මෙම භූමිය රක්ෂිත වනාන්තරයකට මායිම්ව වනබඳව පවතින හෙයින් එහි පැමිණෙන පිරිසගේ සෞඛ්‍ය අවශ්‍යතාවයන් තහවුරු කිරීම සම්බන්ධයෙන් සලකා බලා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මගින්  හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා මෙම යෝජනාවට අවශ්‍ය අනුමැතිය ලබා දී ඇත.

සෝමාවතිය රජමහා විහාරාධිපති ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ උපදේශකත්වය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මෙහි දී පුඡා භූමියට පැමිණෙන රෝගීන්ගේ හදිසි සෞඛ්‍ය තත්ත්වයක දී ප්‍රතිකාර සිදු කිරීමට, හදිසි ප්‍රතිකාර ඇඳන් 04 කින් යුත් වාට්ටුවක්, බාහිර රෝගීන්ගේ ප්‍රතිකාර ලබාදීමට පහසුකම් සහිත ඖෂධාගාරයක් සහිත බාහිර රෝගී ප්‍රතිකාර ඒකකයක්, ගිලන් රථයක් සහිත ගිලන් රථ අංගනයක් ඇතුළත්ව කාර්ය මණ්ඩල නේවාසික පහසුකම් ද සහිතව, හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීමට අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මග පෙන්වීම යටතේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සෘජු උපදෙස් මත මේ වන සිදු කරමින් පවතී.

මෙම අවස්ථාවන් සදහා සෝමාවතිය රජමහා විහාරාස්ථානයේ අනුනායක ස්වාමීන් වහන්සේ වන   පුජ්‍ය තල්ගොඩපිටියේ ඉන්දගුප්ත හිමි ඇතුළු මහා සංඝරත්නය, නිවාස හා  නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එන්.ආර්.පී බණ්ඩාර, බී.එම්.එස් රත්නසිරි, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක, පොළොන්නරුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.