උණුසුම් පුවත්කාලීනසෞඛ්‍යය

සෞඛ්‍ය ඇමති ඇල්පිටිය රෝහලට ගිහින්

පොරොන්දු දේශපාලනය නොකරමි මම්

ඇල්පිටිය මූලික රෝහලට රුපියල් 15,50,000 වටිනා නවීන යන්ත්‍ර  සහ රෝහල් පොලිසිය  සඳහා
රුපියල්  ලක්ෂ 12 ක් වැයකර ඉදිකෙරන ගොඩනැගිල්ලකට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින්  මුල්ගල් තබන ලදි.

මෙරට අක්‍රීයව, විසිරී තිබුණු රෝහල් සංවර්ධ්‍න කමිටු සක්‍රීය කිරීමට ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කළ බව මෙහිදී සෞඛය හා ජනමාධ්‍ය අමාතයවරයා පැවසී ය.

තමන්  “පොරොන්දු   දේශපාලනය අනුගමනය  නොකරන බව කී ඇමති නලින්ද ජයතිස්ස   මහතා දකුණු පළාත ඇතුළු සමස්ත දිවයින පුරා සැලසුම් සහගත ක්‍රමවේදයක් ඔස්සේ රෝහල් සංවර්ධනයට වත්මන් රජය පියවර ගන්නා බව ද සඳහන් කළේ ය.