එල්ල කොට ඇති සමාජගත කරන ලද තොරතුර ද ආණ්ඩුකාරවරයා භාර දෙයි
අසත්‍ය චෝදනා සම්බන්ධව වහාම විමර්ශනයක් ඉල්ලා බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්!
ශ්‍රී ලංකා රේගුව විසින් නිදහස් කරන ලදැයි කියන කන්ටේනර් 323 ක් සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස තමන්ව ඉලක්ක කර හිටපු මහජන නියෝජිතයින් කිහිපදෙනෙකු සහ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු, ඍජුව සහ වක්‍රව එල්ල කොට ඇති චෝදනා පිළිබඳව, විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබී ය.
ඉකුත් දින කිහිපය තුළ එලෙස පදනම් විරහිතව සහ, සිය කීර්ති නාමයට කැළලක් ඇති වන ලෙස, ඇතැම් දේශපාලඥයින් විසින් ප්‍රවෘත්ති සාකච්ඡා වලදීත්, තැම් පුද්ගලයින් සමාජ මාධ්‍යය ඔස්සේත් සමාජගත කොට තිබූ තොරතුර ද ආණ්ඩුකාරවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙනු ලැබීය.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කළ ඒ මහතා,මේ එල්ල වී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, අදාළ චෝදනා පිළිබඳව විමර්ශනයක් සිදුකොට තමන්ට සාධාරණය ඉටු කර දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බව පැවසීය.
තමන්ට අවශ්‍ය වන්නේ වැඩක් කිරීමට බව පැවසූ බස්නාහිර ආණ්ඩුකාරවරයා, පරාජිත කණ්ඩායම් විසින් කරනු ලබන චෝදනා හෙළා දකින බව ද පැවසීය