උණුසුම් පුවත්කාලීනතාක්ෂණයනව නිපැයුම්සංස්කෘතික

හයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන අවුරුද්ද දක්වා කල් යයි

ගැටලුව ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ සඳහන් වූ කාරණාව ය

6 වන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි සමාලෝචනයට කර 2027 දී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ යැයි සෞඛ්‍ය  හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ ය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යේ දී මතු වී ඇති අවුල් සහගත තත්වය සැලකිල්ලට ගෙන 6 වන ශ්‍රේණිය සඳහා වූ  නව ප්‍රතිසංස්කරණ 2025 වසරේ දී ආරම්භ නොකරන්නේ  යැ යි ද එය  ලබන හවුරුද්ද තෙක් කල් දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැ යි ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ,  අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති  සාකච්ඡා වේ දී ය.

ඊට මූලික හේතුව 6 ශ්‍රේණියේ විෂයමාලා ප්‍රතිසංස්කරණ, විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂා මොඩියුලය සම්බන්ධයෙන් පැන නැගී ඇති අවුල් සහගත බවයි.

එය  සමාලෝචනය කිරීමට අවශ්‍ය කාලය ලබාගැනීම  උදෙසා එය  කල් දැමීම සිදු කර ඇත. එසේ ම, අදාළ ඉංග්‍රීසි මොඩියුලයපිළිබඳව කෙරෙනා පරීක්ෂණවලදී අනාවරණය වූ කරුණු පදනම් කරගෙන, ඊට වගකිව යුතු නිලධාරීන්ට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාව කටයුතු කරමින් සිටින බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

එහෙත් 1 වන ශ්‍රේණිය සඳහා යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කිසිදු වෙනසක් සිදු  නොවන බවත්   නියමිත පරිදි මෙම වසරේ සිට ඒ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බව  ද හේ සඳහන්ජ කළේ ය.

.