ගැසට්ටුව නිකුත් වෙලා
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමගේ මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුවට නිශාන්ත ජයවීර මහතා පත්කොට තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇත.
ජාතික ජන බලවේගයේ ලේකම්වරයා විසින් නිශාන්ත ජයවීර මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලදුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය ඒ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගන්නා ලදි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙහි වැඩ භාරගෙන දැන් ඒ තනතුරේ කටයුතු කරයි.