ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ජාත්‍යන්තර ශාසනික කටයුතු සැලකිල්ලට ගෙන, 2025.12.31 දින කල් ඉකුත් වීමට තිබූ විශේෂ අවසර පත්‍රය ඉදිරි වර්ෂය සඳහා දීර්ඝ කිරීමට අමාත්‍යවරයා උපදෙස් දී තිබුණි.
අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි හිටපු සභාපතිවරයා විසින් සුදුසු කොන්දේසි සහිතව අදාළ අවසර ලිපිය 2026.01.09 දින නිකුත් කිරීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විසින් නිකුත් කරැති මාධ්‍ය නිවේදනයකන් පවසා ඇත.
ගුවන් තොටුපළ සහ ගුවන්සේවා සමාගමේ පරිපාලන ව්‍යූහයේ සිදු කිරීමට නියමිත වෙනස්කම් සහ තවත් කරුණු කිහිපයක් පදනම් කරගනිමින් මෙම තීරණය ගෙන තිබේ.
2026.01.21 වන දින අමාත්‍යවරයා සහ හිටපු සභාපතිවරයා අතර පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව හර්ෂ අබේවික්‍රම මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

