උණුසුම් පුවත්

හවුරූදු 18 වැඩි උදවියට අදායම් බදු ලිපි ගොනු අනාවාර්ය යි.

tax

හවුරුදු 18 සියලු පුද්ගලයන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව මුදල්, ආර්ථික ස්ථාථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි. ඇතැම් සේවාවන් භාවිකයට ගරනීමේ දී බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් ඉදිරිපත් කිරීම ද අනිවාර්ය බව ඊයේ (02) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ඔස්සේ අමාත්‍යාංශය සඳහන් කඑරයි.

එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2022 දෙසැම්බර් මස අවසන් දිනය වන විට එහි ලියාපදිංචි වී සිටි සංඛ්‍යාව 25000 කට ආසන්න පිරිසකි. මොවුන් අතර සේවා නියුක්ති ආදායම් ලබන්නන් ද වේ. එය හවුරුදු 18 ට වැඩි ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස 2% කට අඩු අගයක් බව ද ඒහි වැඩි දුරටත් සඳහන් ය.

2023 මැයි 31 දාතමින් යුත් අංක 2334‍ර්‍ – 21 දරණ ගැසට් නිවේදනය මඟින් 2023 ජුනි 01 වැනි දා සිට විවිධ වෘත්තිකයන් ද, මේ මස 01 වැනි දා  සිට වයස 18 වැඩි සියලු දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇත. මේ සඳහා මාර්ගෝපදේශ එම දෙපාර්තමේන්තුව විසින් දැනටමත් නිකුත් කර ඇති බව ද දක්වන එකී දෙපාර්තමේන්තුව එහිලා www.eservices.gov.lk  වෙබ් අඩවිය හරහා අවශ්‍ය තොරතුරු බාගත කර ගත හැකි බව ද සහන් කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිව බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (Tax Identification number – TIN) ලබාගත් පමණින් පුද්ගලයකු ආදායම් බදු ගෙවීමට යටත් නොවන බව ද එකී මාධ්‍ය නිවේදනයෙහි දැක් වේ. කෙනකුගේ ආදායම වාර්ෂිකබදු නිදහස් සීමාව වන ුපියල් ලක්ෂ දොළහක් ඉක්මවන්නේ නම් එම ඉක්ම වන ප්‍රමාණයට පමණක් ආදායම් බදු ගෙවීමට යටත් වේ.

මෙකී අනිවාර්ය ලියාපදිංචි කිරීමට සමගාමීව 2024 අයවැය මඟින් යෝජනා කළ පරිදි ඇතැම් සේවාවන් සපයා ගැනීමේ දී බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය අවශ්‍යතාවයකි.

බැංකු ජංගම ගිණුම් විවෘත කිරීම, ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ඉල්ලීම, මෝටර් රථයක් ලියාපදිංචි කිරීම හෝ බලපත්‍රය අලුත් කිරීම හා ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි යේ දී ඒලඹෙන 01 වන දා සිට අනිවාර්යය වේත යයි ද එම මාධ්‍ය නිවේදනයෙහි දක්වා ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

^