උණුසුම් පුවත්කාලීනපරිසරය

හානා හීය පානා අඬහැරෙන්…..

පාරේ විනයක් නැත. මිනිසුන් විනය ගරුක නැත. නීතිය ගරු නොකරයි.

''හානා හීය පානා අඬහැරෙන් දැනීම" හෙවත් මහපාරේ නළාහඬ හා අපේ හැදියාව.....

උදේ මට ලියූ ආදරණීය සකි සඳක් කියනවා , "පාරේ වැඩට යද්දී මිනිස්සු නළාවෙන් වාහන එළවනවා. ඒක හරිම උද්‍යෝගයක් එයාට ඇති කළා කියල.

මොකද ඔවුන් තමන්ගේ කාර්‍යාල වලට යන්න තියෙන ඒ උනන්දුව නේද කියල හිතල."

ඇත්තටම එයාට එහෙම හිතෙන්න ඇත්තේ රාජකාරිය ට ඇති කැපවීම නිසා මතුවුණු අවංක හැඟුමෙන් විය හැකියි.

මං ඒ සිතුවිල්ලට ගරු කරනවා.

ඔබත් මා එක්ක එකතුවෙනව කියන්න මං දන්නවා.

අපේ පාරේ සංස්කෘතිය අපිට හුඟාක් දේ උගන්වනවා. මට නම අමතක විදෙස් උගතෙකුගේ කියමනක් මතක් වෙනවා.

රටක මහා මාර්ගයේ විනය ඒ රටේ ජන ජීවිතය, සංවර්ධනය හා හැදියාව කියා දෙනව කියා.

ඒක ඇත්ත.

ඒ වගෙම අපේ රටේ පවතින ජන කියමනක් තියෙනවා.

" ගෙදරක මුළුතැන් ගෙයත්, වැසිකිළියත් එහි නිවැසියන් ගැන කියා දෙනව "කියා.

අපේ බොහෝ ක්‍රියා අපි ගැන කියා දෙන කැඩපතවල්. නැත්නම් ඒ කාරි හරහා වැටෙන්නේ අපේ ජාතකයේ ප්‍රතිබිම්බය. ඦායාව.

මම උදයේ කියවු ඒ පාරේ නළාව උඩ ඉඳන් සද්ද කරමින් යන කතාව,

මග හයිය හා ඉක්මන ඊට වඩා දේවල් නේද කියන්නේ?.

පාරේ විනයක් නැත. මිනිසුන් විනය ගරුක නැත. නීතිය ගරු නොකරයි. නැත්නම් එය ක්‍රියාත්මක නොවෙයි. බොහෝ දෙනෙක් කාලය කළමනාකරණය කරගෙන නැත.

මේ වාගේ බොහෝ මානව ලක්ෂණ ඒ සිදුවීමේ පසු අර්ථ ලෙස අපිට ගත හැකිය.

නළාවෙන් වාහන පදවන්නෝ ආසියාතික රටවල බොහෝ ය. බටහිර රටකදී වාහනයක නළාව නාද කරන්නේ ඉදිරියෙන් යන රියේ අඩුපාඩුවක් පෙන්වීමටය.

නොඑසේනම් "නුඹ ඒ කළේ වරදක් "කියා ප?දැනවීමට ය.

ඒ අතින් අපේ රටේ.....

උසාවිය,රෝහල, පුදබිම, හෝ පාසලක් ඉදිරියේදී උවද අනිකාට බනින්නේ නළාවෙනි.

අපේ බොහෝ අය පාරේ යද්දී ඔය හෝන් උඩ ලගින්නේ ඉක්මනින් කාර්යාලවලට ගොස් මහජනතාව ට සේවය ලබා දෙන්න උවමනාවට කියල හිතන්නට තරම් අපි වාසනාවන්ත නම්....? සමහරු නළාව නාද කරන්නේ අනික් එකා ඉස්සරහින් යන තරහට. නැත්නම් තමන් පස්සෙන් යන දුකට.

ඒකට එකතු වෙනව රතු ඉර වදින්න පෙරින්

කාර්යාලයට රිංග ගන්න තියෙන ලෝභයත්.

ඒත් ඒ අතරේ රාජකාරිය දේවකාරිය කරගත්තු මිනිස්සුත් ඉන්නවා.

අපි එයාලට නමස්තේ

බාබුජී කිය යුතුමයි.

හානා හීයා පානා අඬහැරෙන් දැනේ කියා ජනකවියා කීවේ ගොවියාට බුහුමන් දක්වන්න.

ඒත් පාරේ නිරන්තරයෙන් ඇහෙනවා නම් නළා හඬ එයින් කියන්නේ අපි අපේම ඇති අසංවර්ධිත මානසිකත්වය නොවේද? - 

චම්මින්ද වෙලගෙදර