ආරක්ෂකඋණුසුම් පුවත්විදෙස්

හැමෝම යනවා, මං නං යන්නෙ නෑ

මගේ ලස්සන ටෙහෙරානය ගාසාවක් බවට පත් වෙනවාට මම ඇත්තටම කැමති නැහැ - ඩෙන්යා කියයි

ඉන්ධන පිරවුම්හල් ළඟ දිග පොල්ම්. බේකරි ළඟත් දිගු පෝලිම්. අගනුවරින් පලා යන්න  උත්සාහ කරන මෝටර් රථවලින් පාරවල් පිරිච්චි  දිග පෝලිම්,

රාත්‍රිය බොහොම බියකරුයි. බියජනක රාත්‍රීන්!!!

ඊශ්‍රායලය සිකුරාදා පාන්දර ඉරානයට එල්ල කළ හදිසි ප්‍රහාරයෙන් තවමත් කම්පනයට පත් ටෙහෙරානයේ පදිංචිකරුවන් - බියෙන්  සැකෙන් හා  ව්‍යාකූලත්වයෙන්. ඔවුහු  අන්ත අසරණභාවයකින්, වේදනාවෙන්  ගැටුම්කාරී හැඟීම් ගැන කතා කරති.

"අපි රාත්‍රියක් නිදාගෙන නැහැ,"

21 හැවිරිදි සංගීතය හදාරණ ශිෂ්‍යාවක් සංකේතනය කළ සමාජ මාධ්‍ය යෙදුමක් හරහා මට පැවසුවා ය.

"හැමෝම යනවා, නමුත් මම නිදාගෙන නැහැ. මගේ තාත්තා කියනවා පැනලා යනවාට වඩා තමන්ගේම ගෙදර මැරෙන එක ගෞරවනීයයි කියලා." 

'ඩොන්යා' - ඇය ඇගේ සැබෑ නම හෙළි කිරීමට කැමති නැහැ. ඇය පිළිකුල් කරන පාලනයක් සහ ගාසා තීරයේ විනාශකාරී බලය ඇය දුර සිට තිරය මත දුටු,  ඊශ්‍රායලය අතර යුද්ධයක දැන් සිරවී සිටින බොහෝ ඉරාන ජාතිකයන්ගෙන් කෙනෙකි.

"මගේ ලස්සන ටෙහෙරානය ගාසා බවට පත් වෙනවාට මම ඇත්තටම කැමති නැහැ," බීබීසී ලෝක සේවයට ඇය පැවසුවා යැ යි බීබීසි යේ සඳහන් ය.