උණුසුම් පුවත්කාලීනදේශපාලන

හෑලි – කෑලි

අසව්! සබඳිනි, අසව්!! අසව්!!!

රටට බරක් වූ ජනාධිපතිගේ වියදම් මම කපා හරිනවා - කුණ්ඩසාලේ කෙන්ගල්ල ප්‍රදේශයේ ජනහමුවක දී ජනාධිපති ධූරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්තයා කී කතාවෙක කෑල්ලකි මේ.

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈    ≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

ආගම් ඇදහිලි - විශ්වාස කිසිවක් අපි තහනම් කරන්නේ නෑ - අනුර සඟ සමුළුවේ දී කියයි.

නායකයා එහෙම කියද්දි ජාතික ජන බලවේගයේ විධායක සභික නලීන් හේවගේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍ත්‍රීවරයා කියන්නේ බෝගහ වැඩකට නැති ගහක් බව යි. 

ජනතාවට සහන දෙන්න මුදල් හොයන්න අපට පුළුවන් - ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහත්තයා පහුගිය දොහක එහෙම කියා ඇත්තේ  බණ්ඩාරගම දී.

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
අනුර ජනාධිපති වෙන්නේ මුළු රටේම ජනතාව රකින්නයි - දොස්තර නලින්ද ජයතිස්ස මහත්තයා කියපු කතාවේ එක කෑල්ලකි ඒ. දොස්තර මහත්තයා එහෙම කියන ලද්දේ ද බණ්ඩාරගම පැවති මාලිමාවේ ජනාධිපති අපේක්ෂකවරයා ගේ හෙවත් අනුර කුමාර දිසානායක මහත්තයගෙ ජය තහවුරු කරන්න පැවති ඒ රැස්වීමේ දී ම ය. 

 

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
රණවිරුවන් ගැන කැක්කුමක් ඇත්තේ සජිත්ට පමණයි - හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහත්තයා, අනුරාධපුර නැගෙනහිර සමගි රණවිරු සංවිධානයේ රැස්වීමක දී කළ කතාවේ පත්තරේක පළ කෙරී තිබුුුණු හෑල්ලක කෑල්ලක් හෙළදිව මෙසේ උපුටා දක්වන්නේ ය.
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
ජාතිවාදය - ආගම්වාදය වපුරණ බලලෝභී නායකයකුට රට භාර දෙන්න එපා - සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුර්දීන් මහත්තයා අනුරාධපුරයේ සීටීසී උත්සව ශාලාවේ දී පැවති මාධ්‍ය හමුවක දී  - මව්බිම (පර්සි කුරුනේරු ලියයි)
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈
හොරු අල්ලන්න ෆයිල් උස්සගෙන ආපු රතු සහෝදවරු රටට කළේ කුමක් ද? රවුෆ් හකීම් මහත්තයා ගේ අදහස් දැක්වීමකින් පළ කෙරුණු                                              කතාවේ හෙඩිම හෙවත් ශීර්ෂයයි ඒ.