උණුසුම් පුවත්දේශපාලනවිනෝදාස්වාද

හෑලි කෑලි

ලැජ්ජා නහරෙ නැති කෂ්ටිය අයිති වෙන්නේ කවර කුලකයකට ද?

පිණුමක් ගහ ගහ ගීතා නෝනා මහනුවර දි සජිත් ගෙ වේදිකාව මතට  පිණුම ගහපු ලස්සන  

සදා සතුරන් ද නැත. සදා මිතුරන් ද නැත. 

සියල්ල වෙනස් වන ලෝකයක වෙනස් වෙන හැටි

සජිත්ට සහාය පළ කරමින් ගීතා මහනුවර සජබ රැලියට එක්වෙයි - ඇය ඊයේ (9දා) මහනුවර පැවති සමගි ජන බලවේගයේ ජන රැලියට එක්ව සහයෝගය පළ කළාය. 

සියල්ල වෙනස් වන ලෝකයක වෙනස් වෙන හැටි බලන් හිතවත් පාඨකය අපේ තමයි ඔය මොකක් ද අර ලැජ්ජා නහරෙ ද මොකක් දෝ එක තියෙන්නෙ . දේසබාලන බබාලන්‌ත‌ෙ  දේසබාලනේට බැහැපු උත්තම උත්තමාවියන්ට උත්පපත්ති‌යෙන් ම ඒ නහරෙ නැතුව වගේ ඉපැදිලා තියෙන්‌නෙ?!! 

රිෂාඩ් ගෙ පිරිසක් රනිල්ට - ලංකාදීප පුවතක් අද පත්තරේ (24/09/10)

රිෂාඩ් ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සෙට් එකක් මාධ්‍ය හමුවක් පවත්වමින් කියලා

මැතිවරණ නීති කැඩුවැයි අපේක්ෂකයෙක් ගැන විමර්ශන

ජනාධිපති ධුර අපේක්ෂකයකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් කිහිපයක් ඇමතීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

සංස්කාරක - 

අපි හොඳට දන්න කියන මානගේ මහත්තයා දකුණු පළාත් සභාවේ මන්ත්‍රී ධූරයකට පත් වුණේ ජනතා විමුක්ති පෙරමුණෙන් මාතර දිස්ත්‍රික්කයට තරග කරලයි. මාතර කෝට්ටගොඩ පදිංචි මානගේ මහත්තයා ගේ නිවසට අල්ලපු නිවසක යි රෝහණ වි‌ජේවීර සහෝදරයාගේ තාත්තා ගේ සොවුරන් පදිංචි. මං රෝහණ වි‌ජේවීර සහෝදරයා ගැන ලිපියක් ලියන්න කරුණු රැස් කරගන්න කෝට්ටගොඩ ට ගිය වෙලා‌වෙ මුන්නැ‌හෙ බොහොම උදව් දීපු කරපු  හැටි මේ වගේ වෙලාවක හරි සිහිපත් කරන්‌නෙ කෘතගුණ දැක්වීම අපගේ පුරුද්දක් නිසයි.

ඉතින් ඔන්න ඔහොමයි මානගේ සහෝදරයා! සමාවෙන්න!! මහත්තයා!!! අද සජිත්ට උදව් කිරීමත් මොන තරම් සතුට දනවන දෙයක් ද?

දැව සංස්ථාවේ පත්වීම් 3 ක් මැකො අවලංගු කරයි

2024 සැප්තැම්බර් මස 10

බත්තරමුල්ලේ පිහිටි රාජ්‍ය දැව සංස්ථාවට කළමනාකාර පත්වීම් තුනක් ලබා දීමට ගිය අවස්ථාවේ එම පත්වීම් ලබාදීම ජනාධිපතිවරණය අවසන් වන තෙක් අවලංගු කළේ යැයි කොළඹ දිස්ත්‍රි දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

සංස්කාරක

අනේ දෙයියනේ මේ කෙහෙම්මල් ඡන්දයක් හින්ද කොල්ලෙකුට කෙල්ලකට අතට මිටට කීයක් හරි එකදුපහදු කර ගන්නවත් ඉඩක් කඩක් දෙන්නෙ නැති කොට....

’’අපි අනිවාර්යයෙන්ම දිනනවා’’ - රනිල්

2024 සැප්තැම්බර් මස 10 ලංකාදීප පත්තරෙන්

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න ගියහොත් වාර්ෂිකව රුපියල් බිලියන හාරදහසක් රටට අහිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගම්පොළ ජන රැළියේදී පැවසීය.

සංස්කාරක

ජනතා මනාප හෙවත් කතිර කෑලි එක්කහු කරන්න දත කන අන්තිමයා වෙන අපේක්ෂක තුමාණන් ද කියන්නෙ ඔය වචන ටික ම තමා.

රනිල් කියන්නෙත් දිනනවා කියා. එතකොට ඔටුණු හිමි යුවරාජ කුමාර ඩබල කියන්නෙත් ඔය ටිකම. ඒ කියන්නෙ ඒ කුමරුවන් දිනනවා කියලා. අනුර මහත්තයා කියන්නෙත් ඒක

එතකොට අපේ අප්සෙට් අස්පයා දිලිත්? දිලිත් කියන්නෙත් ඔය වචන සෙට් එකම යි.

අපි බලා ඉඳිමු තව මහ දොහක් යැ.... නේ ද ?

‘‘අරගලකරුවන් ඉල්ලූ වෙනස පාලකයන් දී නැහැ‘‘

2024 සැප්තැම්බර් මස 10

සැබෑ වෙනසක් ඉල්ලමින් පැවැති ශ්‍රී ලංකාවේ අරගලයට වසර දෙකක් ගෙවී ඇතත් ශ්‍රී ලාංකිකයන් ඉල්ලූ සැබෑ වෙනස ලබාදීමට පාලකයන් අසමත්වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිය අමතමින් ප්‍රකාශ කළේය.

සංස්කාරක-

බලන්න කෝ අපේ මේ පුංචි දූපත් පොජ්ජෙ ඉන්න අපි ගැන කොච්චර ඇල්මකින් බැල්මකින් ් අනිත් ඇත්තන් බලං ඉන්නව ද කියා.  කවුරුත් ම නෑ නේ අහන්නෙ ඔය සැබෑ වෙනස මොන වගේ කොහොම එකක්දැ යි කියා. අරගලකරුවන් ගෝඨා රටෙනුත් පන්නල යවල රනිල් ගෙ ගේත් ගිනිබත් කරලා ඊට පස්සෙ රනිල් ව ජනපති කරා නේ. ඉතින් ඒ වෙනස රනිල්ගෙන් වෙලා නැත්තං ටර්ක් මහත්තයලට පුළුවන් අර නෝනා හෙම හවුල් කරන් ආපහු වංගියක් සැබෑ වෙනසකට සැබෑ මුළපිරීමක් කරන්න නේ ද?

ජනපති සජිත්ගේ අගමැති කිරිඇල්ල බව මහනුවරදී කියයි.. lanka c news

සංස්කාරක

මළකෙළියක් වෙන්නෙ... එතකොට අගමැතිකම බලං හිටිය අනිත් සෙට් එක මොකක්කත් කරාවි ද කියා හිතා ගන්න කාටද පුළුවන්.

මං ඒ ගැන යෝජනා දෙකක් කරොනවා. එකක් තමා අර ධාර්මිෂ්ඨර් උත්තමයා ගෝලබාලයින් 141 දෙනාගෙන් දින රහිත ඉල්ලා අස්වීමේ ලියුං කරදහි අරන් සාක්කුවෙ දාං හිටියා වගේ සජිත් මහත්තයටත් ඒක කොරාන්න වේවි... නැත්තං ඉතින් එක එකා මුන්නැගේ ''සැමට ජයක්" ලබා දෙන්න බැරි වේවි තරහෙන් පිපිරි පිපිරි ඉන්න සෙට් එක අර චන්ද්‍රිකාට ටටා කියල ගිහින් රනිල්ට සෙට් වුණා වගේ වෙන්න බැරි කමක් නෑ.. කොහොම වුණත් සජිත් මහත්තයා මොළේ තියෙන කෙනෙක් හින්දා මේ සිල්ලර කෙනෙක් දෙන සිල්ලර කාරණේ තකන්නෝනැ නෑ.

අපි කරන අනෙක් යෝජනාව අර රජයේ සේවකයින්ට හය මාසෙන් හය මාසෙ පඩි වැඩි කරනවා කිව්වා වගේ අනුර මහත්තයා, සජිත් මහත්තයටත් පුළුවන්, අගමැතිකම අඩු තරමින් මාස තුනෙන් තුනට හීන දැක දැක හිටපු, ඉන්න, උන්නැහෙලට පිරිනමන්න. එතකොට කාගෙ කාගෙත් හිත් හතන් පිරේවි.

අනුර තම කැබිනෙට්ටුව කියයි.. මුදල් හදුන්නෙත්ති, අධ්‍යාපන හරිනි, සෞඛ්‍ය නිහාල්මෙරට ඉතිහාසය ශක්තිමත්ම කැබිනට් මණ්ඩලය තම පාලනයක් යටතේ ස්ථාපිත කරන බවද පැවසූ ඒ මහතා විසින් අමාත්‍යංශයක් කිහිපයක් සඳහා යෝජනා කරන ලද පුද්ගලයන් මෙසේය.

 සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, නලින් ද ජයතිස්ස, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන

අධ්‍යාපන අමාත්‍යංශය උපාලි පන්නිල, හරිනි අමරසූරිය, අරුණ කරුණාතිලක

මුදල් අමාත්‍යාංශය මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය හර්ෂණ, මහාචාර්ය සීතා බණ්ඩාර, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ

සංස්කාරක
 ජයශ්‍රී! ජයශ්‍රී!! ජයශ්‍රී!!!!

සජිත් මහත්තයා අර අපේ ලලනාවන්ට සනීපාරක්ෂක තුවා දෙනවා කීවා වගේ නිකං ම නිකං ඔය යට ඇඳුම් කට්ටල දෙකක් තුනක්කත් නිකං දෙන්න හැමෝ ම බලං ඉඳීවි හඳුන්ගෙන් මොකද උන්නැහේ මුදල් ඇමති වෙච්චි ගමන් උන්නැහෙගෙ වගේ ම අපිත් යටට අඳින්නෙ හිල් වෙච්චි ඒවා නේ. අනේ වාසනාවන්.

උණුසුම් පුවත්

September 10, 2024 at 9:20 am | lanka C news

ආරම්භයේදීම මහා විස්කම් පාන්න බෑ…- අනුර

සංස්කාරක

සුටුවේවා! හුටු වේවා!! හුටා!!!!

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ආරම්භයේදීම මහා විස්කම් පාන්නේ යැයි නොපවසන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

නමුත් ජනතාව නැවතත් සිනමා ශාලාවට අවශ්‍ය කැඳවීම කැඳවීමට අවශ්‍ය පියවර තම රජය යටතේ ගන්නා බවත් ඒ මහතා පසයි. සංස්කාරක

 රාත්තිරි 9 . 30 පිච්චැර් බලන්න ගිය හැටි මේන් මේ දැන් හිතට ආවා. ආවා කියන්නෙ මැවි මැවී පේන්න පටන් ගත්තා. ඒත් එක්කම දැක්කෙ මාර සීන් එකක්... කවුදෝ මූණු බැදන් ඇවිත් බස් එකක් තවත්තලා ඒකට ගිනි තියන හැටි. ඊට පස්සෙ රෑට රෑට බස් දිව්වෙ නෑ නේ. ඉතින් කොහොමයැ පිච්චැර් බලන්න යන්නෙ. 8. 30 බලලා 12. 30ට පරෙක තොටක යන්න පුළුවනැ. අනුර කියපු ඒ කතාව අහපුවහම මොකටැ දැ බස් පිච්චෙන සීන් එකක් ඔළුවට රිංගුවේ.