උණුසුම් පුවත්

හික්කඩුව මූදෙන් කුඩු මතු වේ

Navy drug bust

දක්ෂිණ නාවික හමුදා කඳවුරේ සෝදිසි යාත්‍රාවක් මගින් හික්කඩුවට ආසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබූ ගාල්ල කවිදු එක නැමති යාත්‍රාව සෝදිසි කිරීමේදී එහි තිබී අයිස්,සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 278 සොයා ගැනීමට සමත්ව තිබෙනවා.
මෙම අයිස් සහ හෙරොයින් ප්‍රමාණය මේ වනතෙක් ගණනය කර නොමැති අතර අයිස් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයකුත් හෙරොයින් මත්ද්‍රව්‍ය යම් ප්‍රමාණයකුත් තිබෙන බවත් සාමාන්‍යයෙන් එම ප්‍රමාණය කිලෝ 300කට වඩා වැඩි ප්‍රමාණයක් බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා මාධ්‍ය හමුවේ පැවසුවා.
ගල්ල නාවික වරායේදී යිස් සහ හෙරොයින් අඩංගු බහලුම් ප්‍රදර්ශනය කළ අතර නාවික හමුදාපතිවරයා ඇතුළු ඉහළ පෙලේ නාවික නිලධාරීන් පිරිසක් සහභාගි වුණා.