උණුසුම් පුවත්දේශපාලන

හිටපු ඇමති පී. දයාරත්න දිවිසැරිය නිමා කරයි

කළුතරින් අම්පාරට ගොස් අම්පාරෙන් පාර්ලිමේන්තුවට ගිය දයාරත්න

ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු සේ දිගු කලක් සේවය කළ පී. දයාරත්න මහතා දිවි ගමන නිමා කරයි. හේ මියයන විට 88 වැනි වියේ පසු විය. 
ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන් පස් දෙනා ගේ ම අමාත්‍යා මණ්ඩලවල ඇමතිවරයකු සේ කටයුතු කළ එකම ඇමතිවරයා සේ ඔහු දැක්විය හැකි ය. හවුරුදු 38 ක් එකම ආසනයකට මහජන ඡන්දයෙන් තේරී පත් වූ මනජන නියෝජිතයා සේ ඔහු බව  සඳහන් කළ හැත.
1936 ඔක්තෝමර් 01 වැනිදා කළුතර දිස්ත්‍රික්කයේ ගොඩිගමුවේ දී පෙටිකිරිගේ විමලසේන සහ දෙහිපිටියේ ලීලාවතී ගුණවර්ධන යන මාපියනට දාව. උපත ලද පැටිගිරියගේ දයාරත්න (පී. දයාරත්න) පාසල් ගමන ඇරඹුවේ වෑතර විදුහලෙනි. 1947 දී කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වන ඔහු 1961 දී එංගලන්තයේ බ්‍රයිටන් කාර්මික විද්‍යාලයට ඇතුළත්ව 1965 දී විදුලි ඉංජිනේරුවෙකු ලෙස උපාධිය ලබා 1965 අප්‍රේල් 23 වන දින ලංකාවට පැමිණි පසු  1965 මැයි 17 වන දින  ගල් ඔය සංවර්ධන මණ්ඩලයේ සහකාර විදුලි ඉංජිනේරුවෙකු ලෙස රාජ්‍ය සේවයට එක් විය.

1965 දී, ඔහු රජයේ විදුලි ආයතන දෙපාර්තමේන්තුවේ විදුලි ඉංජිනේරුවරයා ලෙස පත් කරන ලද අතර, එය ඔහුගේ ධුර කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) බවට පත් විය.

1970 පාර්ලිමේන්තු මැතිවරණයේදී, අම්පාර ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන්ර තරග කළ ද  දැඩි වාමාංශිකයෙකු වූ සෝමරත්න සෙනරත් හමුවේ පරාජයට පත් විය.

1967 අගෝස්තු මාසයේදී ලංවිම විදුලි ඉංජිනේරුවරයා ලෙස සේවය කරමින් සිටියදී, දයාරත්න අම්පාර නගරයේ මණ්ඩල මහාවිහාරීය බෞද්ධ සංගමයේ සභාපති ලෙස තේරී පත් වූයේ ය.  පූජ්‍ය දොඩන්දූවේ ධම්මරතන නායක හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ, වසර දෙකක් ඇතුළත එහි චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු නිම කළේය.

 දයාරත්න 1977 පාර්ලිමේන්තු මැතිවරණයේදී නැවත වරක්  එක්සත්ර ජාතික පක්ෂයෙන් තරග කර  වැඩි ඡන්ද 8,000 කින් ජයග්‍රහණය කරමින්, අම්පාරේ එක්සත් ජාතික පක්ෂයට ලැබුණු පළමු ජයග්‍රහණය වාර්තා කළේ ය.

1978 ඔක්තෝබර් මාසයේදී ඔහු අම්පාර දිස්ත්‍රික් අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.

1981 දී ඔහු විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ධුරයට පත් කරන ලද අතර 1987 දී අමාත්‍ය ධුරයට පත් විය. 1989 පෙබරවාරි මාසයේදී ඔහුට ඉඩම්, වාරිමාර්ග සහ මහවැලි සංවර්ධන අමාත්‍ය ධුරය ලබා දුන් අතර 1991 අප්‍රේල් මාසයේදී ඔහු පුනරුත්ථාපන, ප්‍රතිසංස්කරණ සහ සමාජ සුභසාධන අමාත්‍ය ධුරයට පත් කරන ලදී.

1994 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට බලය අහිමි වුවද, දයාරත්න නැවත තේරී පත්වීමට සමත් විය. 2000, 2001, 2004 සහ 2010 දී පැවති මැතිවරණවලදී ඔහු නැවත තේරී පත් විය. 2001 සිට 2004 දක්වා එක්සත් ජාතික පෙරමුණ රජය යටතේ සෞඛ්‍ය, පෝෂණ හා සුභසාධන අමාත්‍යවරයා විය. 2007 දී, එවකට බලයේ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දැක්වීම සඳහා ඔහු තවත් මන්ත්‍රීවරුන් 17 දෙනෙකු සමඟ එවකට පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට පලා ගිය නමුත් 2015 දී නැවත එක්සත් ජාතික පක්ෂයට පැමිණියේය.

දයාරත්න මහතා ගේ අවසන් කටයුතු එළඹෙන 28 වැනිදා පසවරු 4. 00 ට සිදු කිරීමට නියමිත ය. ඔහුගේ දේහය කොළඹ 06 පාමංකඩ, ශ්‍රී මහා විහාර පාරේ අංක 04 දරන ඔහුගේ  නිවසේ තැන්පත් කර ඇත.

දයාරත්න මහතා 1971 ජුනි 2 වන දින දීප්තිකා දයාරත්න සමඟ විවාහ විය. මෙම යුවලට දරුවන් තිදෙනෙි.