ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා විසින් තමාට මරණ තර්ජන එල්ල කළ බවට ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් පිළිබඳව කරන ලද විමර්ශනවලින් අනතුරුව හේ CID විසින්දි පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ එය ව්‍යාජ පැමිණිල්ලක්මේ බව අනාවරණය කර ගැනීමෙන් පසුව බව කියැවේ.
අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ වන විට රාගම රෝහලට ඇතුළත් කර ඇත්තේ ඔහුට රෝගාතුර වීමෙන්ති හේතුවෙනි. ජයකොඩි මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ භාරයේ රඳවා ගෙන රෝහලේ ප්‍රතිකාර ලබයි.