උණුසුම් පුවත්කාලීනදේශපාලන හිරුට පොලු ගැසීම දෙස් විදෙස් මාධ්‍යයේ දැඩි අවධානයට 2025-12-270 රාජ්‍ය බලය අවභාවිතා නොකරන සේ දකුණු ආසියානු මාධ්‍යවේදීන් ගේ සංසදය (SAARC Journalist Forum - SJF) කියයි නීති විරෝධී පරිපාලන ක්‍රියාමාර්ග උපයෝගී කරගනිමින්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ, මාධ්‍ය නිදහස මර්දනය කිරීමට, ශ්‍රී ලංකා රජය විසින් පොලිස් බලය යොදා ගැනීමට ගන්නා උත්සාහය, දකුණු ආසියානු මාධ්‍යවේදීන්ගේ සංසදය (SAARC Journalist Forum - SJF) දැඩි ලෙස හෙළා දකීන බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. දකුණු ආසියානු මාධ්‍යවේදීන්ගේ සංසදයේ, මධ්‍යම කාරක සභාව විසින් නිකුත් කළ එම නිවේදනයෙහි දැක්වෙන්නේ, පසුගිය දිනවල මාධ්‍යවේදීන් පොලිසියට කැඳවීමත්, හිරු මාධ්‍ය ජාලයේ විකාශන බලපත්‍රය අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ලවා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් (TRCSL) කළ ඉල්ලීමත් ස්වාධීන මාධ්‍ය කලාවට එල්ල කරන්නා වූ සෘජු ප්‍රහාරයක් බවයි. රාජ්‍ය බලය අවභාවිත කිරීම, ආණ්ඩු පක්ෂයට සම්බන්ධ පුද්ගලයින්ගේ යැයි කියනු ලබන, ගංජා වගාවක් වැටලීම සම්බන්ධයෙන් වාර්තා කිරීමෙන් පසු, හිරු මාධ්‍ය ජාලයට එරෙහිව මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් එම සංසදය සඳහන් කරයි. යම් වාර්තාකරණයක දෝෂයක් ඇත්නම් ඒ සඳහා අනුගමනය කළ යුතු, වෘත්තීය ප්‍රමිතීන් සහ, නීතිමය ක්‍රියා පටිපාටි තිබියදී, දේශපාලන බලපෑම්වලට නතු නොවන, මාධ්‍ය ආයතන ඉලක්ක කර ගැනීමට, පොලිසිය උපයෝ කර ගැනීම එම සංසදයේ විවේචනයට ලක්වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී අගයන්ට එල්ල වන තර්ජන ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සුරකින බවට පොරොන්දු දී, බලයට පත් වූ ආණ්ඩුව, වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ, මෙවන් මර්දනකාරී ක්‍රියාමාර්ග පිළිවෙතක්, අනුගමනය කිරීම "බැටළු හම පොරවා ගත් වෘකයෙකුගේ" ක්‍රියාවක් බඳු යැයි SJF සංසදය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙසත්, විවේචකයන් නිහඬ කිරීමට ගන්නා උත්සාහයන්, වහාම නතර කරන ලෙසත්, දකුණු ආසියානු මාධ්‍යවේදීන්ගේ සංසදය රජයෙන් ඉල්ලා සිටී. එමෙන්ම, ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින්නැ යි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් ද දකුණු ආසියානු මාධ්‍යවේදීන් ගේ සංසදය නිකුත් කරන ලද නිවේදනයෙන් ඉල්ලීමක් ද කරයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් වහා ස්ථාපිත කළ යුතුයි Next Article හිරු නාලිකාවට එල්ල වන ෆැසිස්ට් මර්දනය වහා හකුලා ගනු !