උණුසුම් පුවත්

හිරුණිකාට තුන් හවුරුදු හිර දඬුවමක් නියම කෙරේ

තවත් චෝදනා 18 කට වැරදිකාරිය වේ

තෙවසරක හිර දඩුවමක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් පණවන ලදි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සේ සිටිය දී 2018 වසරේ දෙසැම්බර් මහේ දෙමටගොඩ වෙළඳසලකට බලහත්කාරයෙන් කඩාවැදුණු තරුණයින් පිරිසක් එහි සේවයේ යෙදී සිටිය සේවකයකු පැහැර ගෙන ගොස් සිරකර තබා ගැනීමේ චෝදනාව ඇයට එල්ලවූයේ ඈ ඊට අනුබල දුන්නේ ය යනුවෙන් නීතිතිවරයා විසින් ඇයට අධිචෝදනා නඟා තිබිණි. මෙකී චෝදනාව හා ඈඳුණු තවත් චෝදනා දහඅටකට ප්‍රේමචන්ද්‍ර මහත්මිය වරදකාරිය බව මහාධිකරණ විසිසුරු රණරාජා මහතා විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කරමින් ඒ එක් එක් වරදට රුපියල් විසි දහස බැගින් ගෙවන්නට ද මහාධිකරණ විනිසුරු තුමන් නියෝග කළේ ය. එකී නියෝගය කඩ කළහොත් එක් එක් චෝදනාවට මාස හය බැගින් දිර දඬුවමකට යටත් කෙරෙන බව ද රණරාජා වැරදිකාරිය වූ හිරුණිකාට පවසන ලදි.

වෙළඳසල් සේවතයා බලහත්කාරයෙන් පැහැර යෑමේ චෝදනාව එල්ල් ල වූ මැර පිරිස ඔවුන්ට නීතිපතිවරයා විසින් නගා තිබූ චෝදනාවලට වරද පිළිගෙන තිබිණී.

හිරුණිකාගේ දඬුවමට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බව ඇය වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණයට දන්වා සිටින ලදි.