විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් උතුරු යාපනය කඳවුරේ උප පොලිස් පරීක්ෂක එචි.ඩි.කේ. විතාරණ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.01.15 වන දින යාපනය පොලිස් වසමේ සින්න කඩේ මාළු වෙළදසැළ ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑමි 02, මිලි ග්‍රෑමි 150 ක් හා හෙරොයින් ග්‍රෑමි 01, මිලි ග්‍රෑමි 200 සන්තකයේ තබාගෙන ජාවාරමේ යෙදී සිටි යාපනය, ගුරුනගර් පදිංචි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.