උණුසුම් පුවත්

හෙරොයින් තොගයක් එක්ක බහුදින යාත්‍රාවක් දියඹ මුදුදේ දී නාවික හමුදාව අල්ලා ගනී.

මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් ලද ඔත්තුවක්

දකුණුකොනේ ඈත මුහුදේ නාවික හැතැප්ම 400 ක් පමණ දිය‌ඹෙහි දී  නාවික හමුදුව විසින් බහුදින යාත්‍රාවකින් ගොඩබිම වෙත ගෙන එමින් තිබූ කෝටි 200 ක් පමණ වටිනවා ය කියනා හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයින් හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය මර්දන කාර්යාංශයේ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් අනුව  ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කරන ලද වැටලීමකින් මෙකී බහුදින යාත්‍රාව හා එහි හුන් ධීවරයින් හය දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ දක-ණු වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේ දී ය.

බෝට්ටුවේ බඳ කොටසේ සඟවා තබා තිබූ පොහොර උර හතරක මේ මත්ද්‍රව්‍ය ඇති වග නාවික හමුදාව කරන ලද මෙහෙයුමේ දී අනාවරණය වී ඇතැ යි පොලිසිය කියයි.

මේ හොරොයින් තොගය සහිත බහුදින යාත්‍රාව ගාල්ල වරායට ගෙනැවිත් පරීක්ෂන අරඹා ඇත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය හා නාවික හමුදාව වැඩිදුරටත් විමර්ශණ කටයුතු සිදුකරමින් පවතී.