ආරක්ෂකඋණුසුම් පුවත්සෞඛ්‍යය

හෙරොයින් බහුදින යාත්‍රා දෙකක් නාවික හමුදාව අල්ලයි

ධීවරයින් 11 ක් බෝට්ටු දෙකේ බඩුත් එක්ක

මේ බහු දින ධීවර යාත්‍රා දික්ඕවිට වරාය‍ට රැගෙනවිත්, අද (2025 මැයි 28) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව සිදුකළ වැඩිදුර පරීක්‍ෂාවේදී, ප්‍රවාහනය කරමින් තිබූ මත්ද්‍රව්‍ය හෙරොයින් සහ අයිස් බවට තහවුරු වූ අතර, දැනට සිදුකෙරෙන පරීක්‍ෂණ වලින් අනාවරණය වූ පරිදි, මත්ද්‍රව්‍ය ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් හයසියයකට (600) වඩා වැඩි ප්‍රමාණයක් ඇති බවට තහවුරු විය. එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය සඳහා ගරු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සමඟ නාවික හමුදාධිපති සහ වැඩබලන පොලිස්පති සහභාගී වූහ.  

මෙහිදී අදහස් දැක්වු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මත්ද්‍රව්‍යයෙන් තොර රටක් බිහි කිරීමේ රජයේ සංකල්පයට අනුව, රට තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම මැඩපැවැත්වීම සඳහා සියලුම මාර්ග අවහිර වන පරිදි ත්‍රිවිද හමුදාව, පොලීසිය, දේශීය හා විදේශීය බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරනු ලබන සියළු පාර්ශවයන් හා එක්ව, සැලැස්මක් සහිතව මත් ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරනු ලබන බවත්, මත්ද්‍රව්‍ය  ජාවාරමට සම්බන්ධවන ඕනෑම පාර්ශවයක් වෙත දැඩි නීතිමය පියවර ගන්නා බවත් අවධාරණය කෙරිණි.       

තවද, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයෙහි නිශ්චිත බර මේ වනවිට ගණනය කරමින් පවතින අතර, එම මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ බහුදින ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.