උණුසුම් පුවත්

හොරට ගෙනා සිගරැට් තොගයක්

තීරුබදු නොගෙවා මෙරටට හොර රහසේ ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරි මොණරාගල පොලිස් අධිකාරී ඒ.එස්.පි. ගුණසිරි මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී ගිහාන් මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුත්තල කදවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක කේ.ඒ.ඩි.එස්. චින්තක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.03.19 දින මැදගම පොලිස් වසමේ බකිනිගහවෙල ප්‍රදේශයේ ලෝහිත ස්ටෝර්ස් හිදි වැටලීමක් සිදුකර ඇත.

එහි දී තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුමිවැටි 1,200 ක් අලෙවි කිරිම සඳහා සන්තකයේ තබාගෙන සිටි මැදගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මැදගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.