සෙසු නම් යටකොට මුස්තාපා උඩට ඇවිත් පාර්ලිමේන්තුවට!
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ට හිටපු අමාත්‍යවර, ජනාධිපති නීතීඥ, ෆයිසර් මුස්තාෆාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත.
ඒ අනුව මුස්තාපා මහතා ඉදිරි දිනෙක සිය මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙනු ඇත.
ගෑස් සිලින්ඩරයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් හිමිව ඇති අතර එයින් එක මන්ත්‍රී ධූරයකට හිටපු මුදල් ඇමතිවරයකු වු රවි කරුණානායක මහතා පත් කෙරෙුණි. අනිත් මන්ත්‍රී ධූරයට නම් කිහිපයක් යෝජනා වූ අතර ඒ සියලු නම් යටපත් ව මුස්තාපා මහතා ගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත.