උණුසුම් පුවත්

‘ෆොක්ස්හීල්‘ හි දී කාරයක් පෙරළී හතක් මරුට

තුවාල ලද පිරිස 21 කි.

ෆොක්ස් හිල්' නමින් චිර ප්‍රසිද්ධ දියතලාවේ නරියාකන්දේ පැවති මෝටර් රථ හා යතුරු පැදි ධිනවන ගරගයේ දී මෝටර් රියක් පෙරළීමෙන් නරඹමින් හුන් පුද්ගයන් හත් දෙනකු මරුමුවට පත් වී තවත් 21 ක් තුවාල ලැබූහ. තුවාල ලද පිරිස අතර කුඩා ළමයකු ද සිටිනා බව ආරංචි මාර්ග කියයි. අනතුරින් තුවාල ලද පිරිසගෙන් සිව් දෙනකුගේ තත්ත්වය බරපතළ බව ‌රෝහල් ආරංචිවලින් සැලවේ. මීට ටික වෙලාවකට පෙර ලද ආරංචිය අනුව ඉන් එක් අයෙක් ද මියගොස් ඇති බව යි.
මෝටර් රථ ධාවන තරගයේ යෙදී තිබූ රියක් ධානව පථයෙන් ඉවතට පැන පෙරළී යෑමෙන් මේ අනතුර සිදුවූයේ අද දහවල යි. 

ෆොක්ස් හිල් හි වාර්ෂිකව පැවැත්වෙන මේ මෝටර් ධාවන තරග නැරඹීමට සෑහෙන පිරිසක් රොක්වන ස්ථනයකි. 

අනතුර පිළිබඳ දියතලාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.