මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලීය කණ්ඩායම රිච්මන්ඩ් පිල විසින් පරාජය කෙරුණි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව පාසැල් ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන අවුරුදු 13න් පහළ පළමු කොටස (Division 01) ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලීය ඉකුත් විසි හතර වැනිදා සුදුසුකම් ලැබුවේය.
අර්ධ අවසන් පූර්ව වටයේදී මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලීය කණ්ඩායම මෙහිදී රිච්මන් කණ්ඩායම හමුවේ පරාජය විය.
මොරටුව prince of wales විද්‍යාලිය ක්‍රීඩා පිටියේදී පැවැති මෙම තරඟයේදී රිච්මන්ඩ් විද්‍යාලීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙනු ලැබු අතර පන්දු වාර 50 ලකුණු 145/3 කඩුලු තුනක් පමණක් ලබාදෙමිනි.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සිල්වෙස්ටර් කණ්ඩායමට කඩුලු 9 දැවී ලකුණු 137 පමණක් ලබාගත හැකි විය.
මෙහිදී රිච්මන්ඩි කණ්ඩායම වෙනුවෙන් නායක කුමුදුක ලකුණු 41 නොදැවී ලබාගත් අතර උදිත 31 කෙවින්, 35 සදෙව්, 23 දිනිඳු 11 රැස්කර ගනු ලැබිිිණි.
සිල්වෙස්ටර් කණ්ඩායමේ නායක පුලස්ති 30, අබ්දුල් 37, ගගන 32 ලබාගත්හ.
රිච්මන්ඩි කණ්ඩායම වෙනුවෙන් උදුල සහ සුවහස් කඩුලු 2 බිඳ හෙළනු ලැබූහ.