ගමේ නගරයේ තීන්දු තීරණ ගැනීමේ වගකීම බලය දේශපාලනඥයා නොව පුරවැසියා සතුවිය යුතුයි
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා උතුරේ මෙන් ම සෙසු පළාත්වලට ලබාදිය යුතු වරම ලබා දෙනවා සේම මෙරට ග්‍රාම රාජ්‍ය ක්‍රමයක් ඇතිවිය යුතු බවත් පළාත් 9 ක පරිපාලන දිස්ත්‍රික්ක 25 ක ප්‍රදේශීය හා උප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 341 ක ග්‍රාම නිලධාරීන් වසම් 14021 ක ගම්නගර 51000 ක් ඇති බවත් ග්‍රාම රාජ්‍ය වැඩසටහන තුළින් ගමේ නගරයේ තීන්දු තීරණ ගැනීමේ වගකීම බලය දේශපාලනඥයා නොව පුරවැසියා සතුවිය යුතු බවත් ඒ යුතුකම සමගි ජන බලවේග රජයක් තුළ ඉටු කරනා බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසී ය.
බිම් මට්ටමේ යෝජනාවලින් ප්‍රතිපත්ති ශක්තිමත් විය යුතුයි
අපේ රටේ ජනතාවගේ යෝජනාවලින් ශක්තිමත් වූ ප්‍රතිපත්තිමාලාවක් සකස් විය යුතු බවත් පාලකයන් හිතන හිතන දේ නොව බිම්මට්ටමේ ජනතාවගේ අදහස්වලින් ප්‍රතිපත්ති පෝෂණය වී වැඩකළ යුතු බවත් ඉහළින් පහළට තීන්දු තීරණ ගැනීමෙන් ඵලක් නොවන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 12) යාපනය වඩ්ඩුක්කොඩ්ඩායි කරායිනගර් යාල්ටන් විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 234 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.