උණුසුම් පුවත්

13 වැනි සංශෝධනය කියන්නේ අමුතු දෙයක් නොවේ – සජිත්

සිංහල පමණයි දමිළ පමණයි කිව්වා ඇති

13 ගැන පම්පෝරි ගහන නායකයොන්ට තවම පළාත් සභා ඡන්දයවත් හරියට තියාගන්න බැරි වුණා

 

අද 13 වැනි සංශෝධනයෙන් බිහි කළ පළාත් සභා සියල්ල අක්‍රීය වී ඇති බවත් සමගි ජන බලවේග රජයක් තුළ පළාත් සභා ඡන්දය පැවතුනු ආකාරයෙන්ම පැවැත්වීමට කටයුතු කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ රජයක් තුළ පළාත් සභා මැතිවරණයත් පවත්වනවා.

සිංහල පමණයි දමිළ පමණයි කිව්වා ඇති

අප රටට දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගිය යුතු බවත් ඒ තුළින් සුහුරු රටක් බිහි කළ යුතු බවත් ඒ සඳහා සුහුරු අධ්‍යාපනයක් අවශ්‍ය බවත් එහි දී සිංහල පමණයි දමිළ පමණයි කිය කියා නොසිට ඉංග්‍රීසි භාෂා හා පරිගණක තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ප්‍රවර්ධනය කළ යුතු බවත් ලෝකයේ ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළේ ඉල්ලුමට සැපයුම ලබා දෙන විෂය නිර්දේශයක් සකස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම යාපනය දිස්ත්‍රික්කයත් උතුරු පළාතේ සෙසු ප්‍රදේශත් දැනුමේ කේන්ද්‍රස්ථාන බවට පත් කිරීම මහපොළොවේ යථාර්ථයක් බවට පත් කරනා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 10) යාපනය පේදුරුතුඩුව කොට්ටවට්ටි ඇමෙරිකන් දමිළ මිශ්‍ර පාසලට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 228 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි