වෙනත් පාර්ශ්ව දක්වන මත ගැන කොමිසමේ වගකීමක් නෑ - මැතිවරණ කොමසාරිස්
ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ 2024 ඡන්ද විමසීමේ දිනය 1981 අංක 15 දරණ පනතේ නෛතික විධිවිධාන අනුව අදාළ දිනය හා නාමයෝජනා භාර ගැනීම කවරදා ද ආදී කරුණු සඳහන් අති විශේෂ ගැසට් පත්‍රය හෙට (26) ප්‍රකාශයට පත් කරන්නට අද රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව තීන්දු කල බව එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ප්‍රකාශ කරයි.
මේ හා සම්බන්ධ විවිධ පුද්ගලයින් හා වීවිධ පාර්ශ්ව නිකුත කරනු ලබන ප්‍රකාශ ගැන කොම්සම කිසිදු වගකීමක් නොදරන බව ද නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම වැඩි දුරටත් පවසයි.