වාන් දදා රකිනා සෙනෙහෙ

හිත පාරලා රිද්දන කොට
නොකිව්වාට නුඹත්
දුක හිරකරන් ඉන්න
ඇති
කේන්තියට එපා වී
බැණ්නට
නොකිව්වට නුඹටත්
මාව අතහැර ම ඉන්න
අමාරු ඇති
පාලු මකන මහ රැ අඳුරට
නොකිව්වට නුඹෙත්
කඳුළු කෑගසමින්
පුපුරන්න ඇති
නුඹේ සිතට මට අගුලු දැම්මට
නොකිව්වට නුඹත්
මගේ ආදරේට ආදරේ ඇති
------------------------------------------------------------------------------------------------------------------------------------------------
තාත්තලා

පපුව පුරා දරු සෙනෙහස වාන් දදා රකිනා
පුතුට පසුව යමි කියමින් අනෝමාව වරණා
මැරෙන තුරුම උරහිස මත
දිවියේ බර දරනා
පතුල ගෙවුණු මහළු පයට මහ පොළොවත් නැමුණා
බුලත් කහට පිරුණු මුවඟ දුකක වගක්
නොතබා
කහටක් නැති හසරැල්ලක් හිත පුරාම
රඳවා
උපන් බිමට රන් දහදිය මල් වැසි කොට
සදවා
ලද පමණින් සැනසුන සක්විති නුඹදෝ
සිතුණා

≈≈≈ ≈≈≈ ≈≈≈ ≈≈≈ ≈≈≈ ≈≈≈ ≈≈≈ ≈≈≈ ≈≈≈ රිදුමි දෙන කවි පොතට
 රිදුමි දෙන කවි පොතට මුහුරත්..
                                                                       රිදුමි දෙන කවි පොතට මුහුරත්..
දිනම අත ළග..
නොදැන නුඹ අද
මටත් නොකියා කවි
මඩුව ළග..
ලියන්නේ සද ගැන ද
මා දැක..
ගිගුමි දි හඩ නඟන තාලෙට..
වැහි බිංදු මත රැඳි
සුළං කැල..
සිඹින්නේ නුඹේ සුවද
නොවෙදෝ.. නොදන්වා මට
කඳුළු ඵක්කළ..
අදත් පිපාසෙන් සොයන
නුඹේ හද..
මැවුමි කරුවන් සොයා පල නැති..
ලොවක් අසල ම.. මුවැතියක මෙන්..
තවත් දිනයක් ඵකතු කළා මා..

දයාබර නුඹේ මුහුණු -
 
            
