ඒ දේවපතිරාජයේ ක්‍රිකට් ක්‍රීඩිකාවන්
එළඹෙන 18 වැනිදා සිට පෙබරවාරි 02 වැනිදා දක්වා මැලේසියාවේ දී පැවැත්වෙන19 පහළ 20 යි 20 කාන්තා යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට රජ්ගම දේවපතිරාජ විද්‍යාලයීය ක්‍රීඩිකාවන් හය දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රීකට් සම්මේලනය විසින් තෝරා ගෙන ඇත . ඔවුන අද (11) මැලේසියාව බලා යෑමට නියමිත ය.
මොරටුුව වේල්ස් කුමර බාලිකාවේ මනුදි නානායක්කාර 19 න පහළ ලෝක කුසලාන 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ දී ලාංකේය කණ්ඩායම මෙහෙයවන්නී ය.
උප නායිකාව රශ්මිකා සෙව්වන්දි ය. ඇය මාතර අනුර විදුහලේ සිසුවියකි.
විමෝක්ෂා බාලසූරිය (ත්‍රීකුණාමලය සිංහල ම වි) දැහැමි සනුත්මා (අනුලා විද්‍යාලය - නුගේගොඩ) අෂිනි තලගුණේ (මහනුවර මහාමායා බාලිකා විදුහල) ප්‍රමුදි මෙත්සරා (අම්පාර උහන මහා විද්‍යාලය ) චමුදි පුබෝධා (මොනරාගල පඤ්ඤානන්ද මහා විද්‍යාලය ) දනුලි තෙන්නකෝන් ( මලියදේව කුරුණෑගල) සහ ලිමන්සා තිලකරත්න ද, හිරුණි හංසිකා, සුමුදු නිසංසලා, රශ්මි නෙත්‍රාංජලී, ශෂීනි ගිම්හානි, සංජානා කාවින්දි, සහ ෂෙහාරා ඉඳුවරී,දේවපතිරාජ නම් කර ඇති අතර ඔවුන් අද මැලේසියාව බලා යනු ඇත.